Loading...
Windows File Explorer එක වෙනුවට භාවිතා කල හැකි, Windows File Explorer එකටත් වඩා වැඩි features තියෙ​න Total Commander

Windows Explorer එක

එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු වලට  Windows මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන හැමෝම දන්නවා මේ File Explorer (මීට කලින් මේක Windows Explorer කියලත් හඳුන්වනු ලැබුවා) එක කියන්නේ මොකක්ද කියලා. සරලවම කිවුවොත් File Explorer එක කියන්නේ අපිට Windows 95  මෙහෙයුම් පද්ධතියත් එක්ක ලැබුණ Windows File System එකට ප්‍රවේශ වීම සඳහා චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක් (Graphical User Interface-GUI) එකක් ලබා දෙන මෘදුකාංගයක්.

Windows 11 සංස්කරණයේ File Explorer එක

​ඒ උනත් මේක පාවිච්චි කරන කොට සමහර තැන්වල දී ඔයලා විවිධ අපහසුතාවයන්ට මුහුණ දීල ඇති.

  1. File Copy/Paste කරද්දී එක location එකකින් අනිත් location එකට navigate කරන්න ඕන එක. (ගොඩක්ම බලපාන්නේ එක එක location වලින් files copy කරල එක destination එකකට paste කරන්න ගියාම)
  2. එකම Filetype එකේ files තෝරගන්න ඕන උනාම files ඒකින් එක select වෙන එක. (items2000ක් විතර තියෙන folder එකින් සින්දු ටිකක් select කරා ගන්න ඕන උන කියල හිතමු)
  3. Multiple Files එක පාර rename කරන්න උනොත්. (හිතන්න Tele Series එකක් එකේ නමත් එක්ක episode number  එක rename කරන්න උනොත්, එතනදී ඇත්තටම වෙනස් වෙන්නෙ episode number එක විතරයි. එත් අපිට File Explorer එකේදි නම් නමයි episode number එකයි ඔක්කොම rename කරන්න වෙනවා)

Total Commander එක

මුදල් ගෙවා ලබා ගත යුතු මෘදුකාංගයක් වන Total Commander (කලින් Windows Commander කියලත් මේක හඳුන්වනු ලැබුවා) Windows ඇතුළුව Windows Phone, Windows Mobile/Windows CE and Android යන Platform වලත් use කරන්න පුළුවන් software එකක්. ඇත්තටම Total Commander එක කියන්නේ අර උඩදී කියුව File Explorer එකෙන් ම කරන වැඩේ ම තව ටිකක් පහසුවට, කැමති නම් advanced විදියට කරගන්න පුළුවන් අපේ productivity එක ඉහල නංවන Software එකක්.

Total Commander එක ඇත්තටම Windows File Explorer එක replace කරනවා විතරක්ම නෙමෙයි. ඔය app එක අපිට තේරුම් කරලා දෙනවා අපි Explorer එකත් එක්ක file එහා මෙහා අරන් යන්න කොච්චර කට්ටක් කෑවදත් කියල.

Total Commander හි පරිශීලක අතුරු මුහුණත (windows)

උඩින් තියෙන පින්තුරය දැක්ක ගමන් ම ඔතන ඔයාටත් මටත් කාලයක් තිස්සේ ඕන වෙලා තිබුන feature එකක් තියෙනවා කියල පේනවා නේද. Total Commander use කරන්න මටත් හිතුන ප්‍රධානම තැනක් තමයි ඕක. Total Commander වල මම අර කලින් කියුව හැම දෙයකට ම විසඳුම් තියෙනවා. ඊට අමතරව මේක ගැන තවත් නොකියපු දේවල් ගොඩක් තියෙනවා. මේකේ වාසි කියුවොත්.

  1. File Copy/Paste කරද්දී කරදර වෙන්න ඕන නැහැ ඔක්කොම එකම තැන.
  2. Multi-Rename tool එකෙන් files කීපයක් උනත් එක පාරම renameකරගන්න පුළුවන්.
  3. බල බල ඉන්න ඕන නැහැ එකක් select කරලා ඊට පස්සේ ඒ Filetype එකේ files ඔක්කොම ඉතා පහසුවෙන් selectකරගන්න පුළුවන්.
  4. ඒ වගේම මේකෙන් files Copy/Paste කරද්දී මට යම්තාක් දුරට speed improvement එකක් දැනිල තියෙනවා. (Unofficial)
Total Commander හි පරිශීලක අතුරු මුහුණත (Android)
Icon Library එකක් use කරලා කැමති විදියට icon හදා ගන්න පුළුවන්.
Total Commander හි Multi-Rename Tool එක
එකම extension සහිත files එකවර select කරා ගැනීමේ පහසුකම.
Total Commander හි settings මෙනුව මෙයින් File Explorer වල කල නොහැකි බොහෝ දේවල් ඔයාට customize කරගන්න පුළුවන්.