Apple සමාගම විසින් තම iPhone දුරකථන පෙළ නම් කිරීමේ ක්‍රමවේදයේ විශාල වෙනසක් සිදු කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. මෙම තීරණය සමඟ, 2027 වසරේදී නිකුත් කිරීමට නියමිත නවතම iPhone මාදිලිය "iPhone 19" ලෙසින් නම් නොකර, "iPhone 20" යන නම භාවිතා කිරීමට සමාගම සූදානම් වන බවට වාර්තා වෙනවා.
මෙම නාමකරණ වෙනස, iPhone දුරකථනවල 20 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා Apple විසින් ගනු ලබන සැලසුම් සහගත උපාය මාර්ගයක් ලෙස වාර්තා වෙනවා. 2007 වසරේ මුල්ම iPhone දුරකථනය එළිදැක්වීමෙන් පසුව, 2027 වසර වන විට එය දශක දෙකක සන්ධිස්ථානයක් සම්පූර්ණ කරනු ඇත.
Apple සමාගම සිය ප්‍රධාන නිෂ්පාදන පෙළේ සුවිශේෂී සංවත්සර සනිටුහන් කිරීම සඳහා මෙවැනි අංක මඟහැරීමේ ක්‍රමවේදයක් භාවිතා කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2017 වසරේදී, iPhone දුරකථනවල 10 වැනි සංවත්සරය වෙනුවෙන්, සමාගම විසින් iPhone 8 සහ iPhone 8 Plus මාදිලි එළිදැක්වුවද, "iPhone 9" යන නම සම්පූර්ණයෙන්ම මඟහැර දමා iPhone X (රෝමානු ඉලක්කමෙන් 'දහය') නමින් විශාලතම Design වෙනස්කම් සහිත නව මාදිලියක් හඳුන්වා දෙන ලැබුවා.
තාක්ෂණික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, iPhone 19 මඟහැර iPhone 20 වෙත කෙළින්ම යෑමෙන්, Apple සමාගම විසින් 20 වැනි සංවත්සරය යන කාරණය Branding තුළින්ම පාරිභෝගිකයාට සෘජුව සන්නිවේදනය කිරීම, මෙම නව මාදිලිය පෙර මාදිලිවලට වඩා Features හා Design අතින් විශාල ඉදිරි පිම්මක් බවට සංඥා කිරීම. එනම්, iPhone 20 Series යනු සාමාන්‍ය Upgrade එකකට වඩා වැඩි යමක් බව පෙන්වා දීමයි.
ඒ ව්ගෙම දැනට වාර්තා වන තොරතුරුවලට අනුව, iPhone 20 Series හිදී iPhone Design ඉතිහාසයේ තවත් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් අපේක්ෂා කරනු ලබන අතර ඒ, Bezel-less Display Panel සහ සමස්ත උපාංගයම ඉදිරිපසින් බලන විට තනි වීදුරු කැබැල්ලක් ලෙස පෙනෙන Aesthetics පෙනුමක් ඇතුළත් විය හැකි බවටයි.
Source: www.macrumors.com








