වසර 14කට අධික කාලයක් Apple සමාගම මෙහෙයවූ Tim Cook මහතා එම දූරයෙන් ඉවත් වීමට සූදානම් වන බවත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස වර්තමාන දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානී වන John Ternus මහතා පත්වීමට වැඩි ඉඩක් ඇති බව නවතම වාර්තා මඟින් අනාවරණය වනවා.
කවුද මේ John Ternus?
John Ternus යනු 2001 වසරේදී Apple සමාගමට එක්වූ වසර 25කට ආසන්න අත්දැකීම් සහිත දක්ෂ ඉංජිනේරුවෙකු වන අතර ඔහු සමාගම තුළ නිහඬ චරිතයක් ලෙස සඳහන් වුවත් ප්‍රබල භූමිකාවක් ඉටු කරන අයෙකු ලෙස ප්‍රසිද්ධයි.
මෑතකදී නිකුත් වූ අතිශය සිහින් iPhone Air මාදිලිය නිර්මාණය කිරීමට නායකත්වය දීම, Mac පරිගණක සඳහා Intel Chip වෙනුවට Apple සමාගමේම Apple Silicon Chip භාවිතයට ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධානියෙකු වීම සහ iPhone Pro මාදිලි සඳහා LiDAR සංවේදකය එක් කිරීමට මුලිකත්වය දීම ආදිය සඳහා මුලීකත්වය ලබා දී තිබෙනවා.
Tim Cook මහතාගේ අනාගතය සහ අනෙකුත් අපේක්ෂකයින්
Tim Cook පදවියෙන් ඉවත් වුවහොත් ඔහු Apple සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්. John Ternus ඉදිරියෙන්ම සිටියද තවත් ප්‍රබල පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ද අනුප්‍රාප්තිකයන් ලෙස සාකච්ඡා වෙමින් පවතිනවා.
- Craig Federighi (මෘදුකාංග අංශයේ ප්‍රධානී)
- Eddy Cue (සේවා අංශයේ ප්‍රධානී)
- Greg Joswiak (අලෙවි අංශයේ ප්‍රධානී)
- Deirdre O’Brien (සිල්ලර වෙළඳ සහ මානව සම්පත් ප්‍රධානී)
ඇයි John Ternus තෝරා ගැනීමට ඉඩ ඇත්තේ?
වාර්තා වන පරිදි John Ternus යනු Tim Cookගේ විශ්වාසවන්තයෙකු වන අතර ඔහු Apple සමාගමේ ලාභය, වියදම සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අතර මනා සමබරතාවයක් පවත්වා ගැනීමට දක්ෂයෙක් වන අතරම ඔහු වයසින් ද අනෙක් අයට වඩා ලාබාල බැවින්, දිගුකාලීන නායකත්වයක් ලබා දීමට ඔහුට හැකි වනු ඇතැයි සැලකෙනවා.
කෙසේ වෙතත් දේශපාලනික සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඔහුට ඇති අත්දැකීම් සීමිත වීම ඔහුට ඇති ප්‍රධාන අභියෝගය ලෙස විචාරකයෝ පෙන්වා දෙනවා. මීට අමතරව Apple සමාගම දැනට අත්හදා බලමින් සිටින Foldable phones ව්‍යාපෘතිය සඳහා ද ඔහු සෘජුවම සම්බන්ධ වී සිටින බවත් වාර්තා වනවා.
Source: www.nytimes.com 9to5mac.com








