Loading...
Samsung Galaxy S26 Ultra සඳහා පෞද්ගලිකත්වය සුරකින ‘Privacy Display’ තාක්ෂණය ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

එළඹෙන පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට නියමිත Samsung සමාගමේ නවතම Galaxy S26 series එක පිළිබඳව නවතම තොරතුරු රැසක් මේ වන විට වාර්තා වෙමින් පවතින අතර, මෙහි ඇති සුවිශේෂීම අංගය වන්නේ පරිශීලකයාගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකින නවතම 'Privacy Display' තාක්ෂණය Galaxy S26 Ultra සඳහා ලැබෙනු ඇති බවයි.

මේ නව 'Privacy Display' තාක්ෂණය ඔස්සේ ඔබ අසල සිටින පුද්ගලයින්ට ඔබගේ දුරකථන තිරය දෙස හොරෙන් බැලීම වළක්වනු ලබනවා.

Privacy Display තාක්ෂණය යනු කුමක්ද?

සාමාන්‍යයෙන් අපගේ දුරකථන තිරය අසල සිටින කෙනෙකුට පැත්තෙන් බැලු විට වුවද පැහැදිලිව තිරයේ ඇති දැ දැකගත හැකි වනව. මෙය වැළැක්වීමට බොහෝ දෙනෙකු දැනට භාවිතා කරන්නේ Privacy screen protectors වන අතර Samsung විසින් මෙම පහසුකම ස්වයංක්‍රීයව දුරකථනයේ තිරය තුළටම ඇතුළත් කිරීමට සමත් වී තිබෙනවා.

Source - sammyguru.com

ඒ අනුව One UI 8 OS එක හරහා ක්‍රියාත්මක වන මේ ඔස්සේ ඔබ සංවේදී යෙදුමක් (උදා: Banking app) විවෘත කළ විට හෝ මුරපදයක් (Password/PIN) ටයිප් කරන විට ස්වයංක්‍රීයව මේ Privacy Display තාක්ෂණය සක්‍රීය වනවා. මෙය සක්‍රීය වූ විට පැත්තෙන් බලන අයෙකුට තිරය සම්පූර්ණයෙන්ම අඳුරු වී හෝ නොපෙනී යනු ඇත.

Source: sammyguru.com www.androidauthority.com www.bgr.com