ලොව ප්‍රමුඛතම Smartphones නිෂ්පාදකයකු වන Samsung සමාගම විසින් සිය Galaxy දුරකථනවල මිල ගණන් වැඩි කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවට වාර්තා වනවා. මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ජංගම දුරකථනවල භාවිතා වන DRAM (Dynamic Random-Access Memory) නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම සහ එහි පවතින දැඩි හිඟයයි.
වාර්තා වන ආකාරයට DRAM හිඟය සහ පිරිවැය ඉහළ යෑම, Samsung හි නිෂ්පාදන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති අතර, එම බලපෑම අවම කර ගැනීම සඳහා සිය Galaxy දුරකථනවල මිල ගණන් ඉහළ නැංවීමට සමාගම සූදානම් වෙනවා
මිල ඉහළ යන Low සහ Mid Range Smartphones
Samsung විසින් මිල වැඩි කිරීමට සලකා බලන්නේ සිය low සහ mid-priced Smartphones වල බව දැක්වෙන අතර, ඒ අනුව Galaxy A සහ Galaxy M Series Smartphones වල මිල වැඩි වීමක් අපේක්ෂා කළ හැකියි.
දැනට ලැබී ඇති තොරතුරු අනුව, Samsung හි ප්‍රමුඛ පෙළේ Galaxy S Series Smartphones වල මිල ඉහළ යෑමකින් තොර විය හැකි බව පෙනේ. කෙසේ වෙතත්, මෙම තොරතුරු තවමත් නිල නොවන අතර, සමස්ත මිල වැඩි කිරීම් පිළිබඳ විස්තර තවමත් පැහැදිලි වන්නේ නැත.
Samsung හි මෙම තීරණය, ලොව පුරා Smartphones වෙළඳපොළට බලපෑම් කිරීමට ඉඩ ඇති අතර, විශේෂයෙන්ම දැඩි තරඟකාරීත්වයක් පවතින Low සහ mid-priced Smartphones මිළදී ගන්නා පාරිභෝගිකයින්ට මෙය සෘජුවම බලපානු ඇත.
Source: 9to5google.com www.sammobile.com








