Loading...
ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරුනු විදුලියෙන් ක්‍රියාත්මක වන ප්‍රථම Smartbicycle එක එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නිර්මාණය කරන ලද විදුලි ස්මාර්ට් බයිසිකලය වන Rhoda AT බයිසිකලය Rhoda AT නිර්මාතෘ හා Chief Executive Officer වන Eyas Fazul මහතාගේ මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24)කොළඹ දී එළිදැක්වනු ලැබුවා.

Unveil of Rhoda AT, Sri Lanka's first Electric Smartbiycle

On the 24th of September, Team Rhoda introduced the Rhoda AT, Sri Lanka's first Electric Bicycle, at Hatch Works Colombo. . More info and preorder at www.rhoda.life, . Ideal for city commute with 2 modes of electric mobility. . 60km in Power Assist Mode (the invisible push) 30km in Cruise Mode (the safer motorcycle) 25km/h Max Speed . Full Charge in 4 hours Costs Rs.0.20/km . Biometric Authentication (Fingerprint/Face Recognition) Smartphone HUD Cruise Control . Starting at Rs. 129,000. Pre-orders shipping in Q1 2021 . Convenient | Sustainable | Economical . Visit www.rhoda.life First 50 pre-orders get custom murals. . #rhoda #electricmobility #designedandmadeinsrilanka #ebike #electricbicycle #lka . More specifications at www.rhoda.life/#specifications

Posted by Rhoda - Electric Mobility on Wednesday, September 30, 2020

Eyas මහතා පවසන පරිදි තම සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම විදුලි ස්මාර්ට් බයිසිකලය මගින් රටේ පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා නිර්මාණය කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් සිදුවන නාගරීකරණය හා වායු දූෂණය සදහා විසදුමක් ලෙසද නිර්මාණය කරන ලද්දක් බවද ඔහු තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම ස්මාර්ට් විදුලි බයිසිකය මූලික සංකල්පයන් 3ක් පදනම් කරගෙන නිර්මාණය වූවකි. එනම් Convenient, Sustainable හා Economical වේ.

මෙම Rhoda AT විදුලි ස්මාර්ට් බයිසිකලය බලසම්පන්න විදුලි මෝටරයකින් බලගැන්වෙන අතර බයිසිකලය එක්වරක් ආරෝපණය කළ පසු 60km ක පමණ දුරක් ධාවනය කළ හැකි බවත් 19kmph සිට 25kmph දක්වා වේගයක් ලබා ගැනීමට ද හැකියාව තිබෙන බවද පැවසෙනවා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ smart app එකක් මඟින් මෙම බයිසිකලය ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි වීම සහ එය බයිසිකලයේ මොළය ලෙස ක්‍රියා කරවීමට ඇති හැකියාවයි. මෙමගින් ඔබේ දුරකථනයේ fingerprint ඔස්සෙ බයිසිකලය Lock කිරීම සහ Unlock කිරීම සිදු කළ හැක. තවද මෙම බයිසිකලයේ ධාවන වියදම කිලෝ මීටරයකට ශත 20 ක් පමනක් බව සඳහන් කර තිබෙන අතර මෙහි බැටරිය full charge කරගැනීමට ගතවන්න කාලය උපරිම පැය හතරක් පමණක් බවත් සඳහන් කර තිබෙනවා.

තවද මෙය මාර්ගයේ ධාවනය කිරීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවන බවත් වාර්තා වනවා. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුළ ධාවනය වන විදුලි වාහන වල බලය 750 watts වලට ඉහළින් ඇති වාහන සඳහා පමණක් ලියාපදිංචිය අවශ්‍යය වීමයි. මෙහි මෝටර් බලය 750 watts ට වඩා අඩු අගයකින් යුක්තවීම නිසා ලියාපදිංචියක් අවශ්‍ය නොවන බව Fazul මහතා පවසනවා.

පහතින් දැක්වෙන්නේ Rhoda ස්මාර්ට් විදුලි බයිසිකලයේ වර්ග දෙකෙහි ඇති specificationsය

AT AT SS
Frame Steel Stainless Steel
Finish Matt Black / Flat White Polished Gloss Finish
Tires 4" All Terrain 4" All Terrain
Build Water Resistant Water Resistant
Ride Modes Pure /
Power Assist* /
Cruise**
Pure /
Power Assist* /
Cruise**
Range 30km* / 60km** 30km* / 60km**
Top Speed 25km/h 25km/h
Display Smartphone HUD Smartphone HUD
Full Charge 4 Hours
0.5 LECO / CEB Units
4 Hours
0.5 LECO / CEB Units
License & Registration None None
Helmets Not enforced.
Recommended by Rhoda
Not enforced.
Recommended by Rhoda
Rhodie Height 4'10" - 6'2" 4'10" - 6'2"
Capacity 100kg 100kg
Warranty 1 year 1 year
Features Biometric Authentication
Cruise Control
Integrated lock
Integrated Lights
Sensors Hall Effect
Bluetooth

තවද එදින එළිදැකිවීම සදහා සහභාගිව සිටි අයගේ අදහස් වලට අනුව පළමු වරට බයිසිකලයක් පදින අයෙකුට වුවත් පහසුවෙන් ධාවනයට හුරුවිය හැකි බයිසිකලයක් ලෙස Rhoda AT හැඳින්විය හැකි බවයි. මෙහි Entry-level version එකේ මිල රුපියල් 129,000ක් වැනි මිලකටත් Stainless steel Flagship version එක රුපියල් 159,000 ක් මිලකටත් මිලදී ගත හැකි අතර 2021 වර්ශ අවසානයේ බයිසිකල් 1,000 ක් පමණ අලෙවි කිරීම සිය අභිලාශය බව Eyas මහතා තව දුරටත් පවසා සිටියා. කොහොම නමුත් මෙමෙ Rhoda AT ස්මාර්ට් විදුලි බයිසිකය ලංකාවේ ගමනාගමන කලාවේ නව පෙරළියක් සිදුකරන නිශ්පාදනයක් බවට පත්වන බවද ඔවුන්ගේ අදහසයි.

Sources: The Morning, Rhoda Official Website