Loading...
පරිඝණක ලොවේ පෙරලිකරු AMD Ryzen C7 SoC එක සමඟ android smartphone වෙත

Smart Phones, Tablets සහ Smart Watches සඳහා විශාලතම චිප් නිෂ්පාදකයින්ට Qualcomm, Samsung, Mediatek සහ Huawei HiSillicon කියන සමාගම් ඇතුළත් වෙනවා. Rockchip වැනි කුඩා සමාගම් ද තරඟ කිරීමට උත්සාහ කරන අතර දැන් පෙනෙන්නේ AMD සමාගමද අනෙක් සමාගම් වලට අභියෝග කරමින් මේ චිප් නිෂ්පාදනයට සැරසෙන බවයි.

මේ තොරතුරු Leak කරපු HansDeVriesNL කියන Twitter User කියන විදියටනම් AMD සමාගමෙන් Rysen චිප් එකක් තියෙන Smart Phone එකක් සූදානම් කරමින් සිටින අතර, එය සැබෑ බව ඔප්පු උනොත් Desktop සහ Workstation වලට නිෂ්පාදනය කර Processors ආකාරයටම ජංගම දුරකතන වෙළෙඳපොළේ ලොකු වෙනස් සිදුකරන්නට පුළුවන්.

මූලිකවම AMD සමාගම නිෂ්පාදනය කරමින් පවතින මේ Rysen C7 නැමති චිප් එක Gaugin Pro Cores දෙකක් අඩංගු ARM Holdings විසින් මෑතකදී Announce කරපු 3GHz Speed එකක් තියෙන Cortex X1 Cores දෙකක් සහ 3GHz මත Run වන, 2.6 GHz Speed එකකින් Run වෙන Cortex A78 සහ low-power cores හතරක් සහ 2GHz Speed එකක් තියෙන Cortex A55 මත පදනම් වෙනවා.

ඒත් වඩාත් සිත්ගන්නා කරුණ වෙන්නේ මේ චිප් එක 2019 දී AMD සහ Samsung හවුල් කර ගත් RDNA based Smartphone Graphic Solution එක භාවිතා කර ඇති බවයි. මේ Solution එක Samsung Galaxy S20 වැනි අලුත් Smartphone වල දක්නට ලැබෙන Adreno 650 ට වඩා සැලකිය යුතු වේගයකින් පෙන්නුම් කරලා තියෙනවා.  එනම්, 144Hz දී LPDDR5 RAM සහ 2K Display සඳහා Support කිරීමත් සමඟ මේ  Rysen C7 චිප් එක බොහොම බලවත් චිප් බවට පත් වෙනවා.

මේ අලුත් චිප් එක TSMC විසින් 5nm Process Node එකක් මත Build කරන බවට කටකතා පැතිරී ඇති අතර Integrated Mediatek 5G UltraSave Modem එක භාවිතා කරමින් Dual Sim සඳහා 5G Connectivity ඇතුළත් කරලා තියෙනවාලු.  කොහොම උනත් මේ චිප් එක ගැන Leak වුණ තොරතුරු ඇත්ත නම් මේක AMD වල හොඳ Turning Point එකක් වෙන්න ඕනේ.

Source - Techspot