Loading...
Samsung වෙතින් Apple Pro Motion Display වලට උත්තරයක්

Galaxy Note 20 සමග එන අලුත්ම Display Technology එක.

ගොඩ දවසකට පස්සේ Post එකක් අරන් එන්න හිතුවා. අද කියන්න යන්නේ ගොඩක් Note Fans ලා වගේම Samsung Fans ලා නොයිවසිල්ලෙන් බලන් ඉන්න Note 20 Series එක ගැන දැන ගන්න ලැබුන අලුත්ම News එකක් ගැන. කලින් Samsung Updates Post එක කට්ටියම බලන්න ඇති කියලා හිතනවා කොහොම උනත් අද කියන්න යන්නේ Note 20 සමග එන අලුත්ම Display Technology එකක් ගැනයි.

මුලින්ම ආපු News එක තමා Note 20 Series එකේ Ultra Device එකක් නොපැමිනෙන එක සහ Note 20 And Note 20+ වල Display Specs ඇවිත් තිබෙනවා ඒ ගැන පහතින් සදහන් කරන්නම්.

Note 20
6.42" 2345x1084
404 PPi
19.5:9 Aspect Ratio
120Hz With LTPO Technology

Note 20+
6.87" 3096x1444
497 PPi
19.3:9 Aspect Ratio
120Hz With LTPO Technology

පුදුමයට කාරනය නම් මෙවර Galaxy S20 Ultra Device එක Note 20+ වලට වඩා ප්‍රමානයෙක් යම්තාක් දුරට විශාල වීමයි. සාමන්‍යයෙන් වෙන්නේ මේකේ අනිත් පැත්තයි. ඒ වගේම Note 20+ සමග 120Hz QHD+ Support කරන බවටද සදහන් කර තිබුනා. ( ගොඩක්ම Fans ලා ඉල්ලලා තිබුන Option එකක් තමා මේක.) ඉතින් Apple 12 Series එකේදි පැමිනෙන Pro Motion Display වලටද අභියෝග කරමින් තමා Samsung ලා මෙවර අලුත්ම LTPO Option එක Note 20 Series එක සමග හදුන්වා දෙන්න යන්නේ. අපි බලමු මොකක්ද මේ LTPO Technology කියන්නේ කියලා.

LTPO - Low Temperature Polycrystalline Oxide (1Hz to 120Hz)

LTPO Technology එක හරහා අපිට Low Power Backplane එකක් ලබා ගන්න පුලුවන් මෙමගින් Display කරන සැම Pixel එකක්ම Read කර අනවශ්‍ය Pixel Turn Off කිරිමේ හැකියාව පවතිනවා. හරියටම කිව්වොත් අපි Video එකක් නරබනවා නම් එයට අවශ්‍ය නැති Pixel Off කිරීමේ හැකියාව තිබෙනවා මේ හරහා. මෙමගින් 15-20% අතර ප්‍රමානයක Battery Power එකක් Save කරගැනීමේ හැකියාව තිබෙනවා. දැනට Industry එකේ සියලුම Flagship AMOLED Display වලට Use වෙන්නේ LTPS යන Technology එකට වඩා Upgrade උන Technology එකක් තමා LTPO කියන්නෙ.

තවද LTPO වල එන සුවීශේෂි ලක්ශනයක් තමා Display එක Always On Mode එකේ තිබියදී 1Hz දක්වා Hz ගනන අඩු කිරීමේ හැකියාවත් අවශ්‍ය වූ විට 1Hz සිට 120Hz දක්වා වැඩී කිරීමේ හැකියාවත් මෙහි තිබෙනවා ( දැනට මම දන්න තරමීන් 60Hz 90Hz 120Hz අතර මාරු විය හැකි Variable Refresh Rate Options පමනයි දැන් පවතින Flagship Device වල තිබෙන්නේ ඉදිරියේදි පැමිනෙන Apple 12 Pro Device වලත් LTPS 60Hz to 120Hz මාරු විය හැකි Option එකක් පමනයි ලැබෙන්නේ. දැනට පවසන ආකාරයට LTPO Technology එක Apple 13 Series එකට භාවිතා කරන්න සිටින බවයි සදහන් වෙන්නේ ) මේ Technology එක හරහා Samsung ලට Battery Life Improvement එකක් ලබාදීමට හැකියාව ලැබෙනවා අපි බලමු Exynos 992 SOC එක සමග මේ LTPO Technology එක කොහොම Reaction එකක් දෙයිද කියලා.

මේ වගේ අලුත් වෙන Updates දැන ගන්න කැමති නම් දිගටම අපි සමග රැදී සිටින්න. ඒ වගේම මේ Post එක අනිත් අයට දැන ගන්න Share කරන්නත් අමතක කරන්න එපා.