Loading...
අගෝස්තු මස පැවැත්වීමට නියමිත Samsung Galaxy Unpacked event එකේදී Note 21 දුරකතනයක් නිකුත් නොවන බව Samsung සමාගම තහවුරු කරයි

Samsung සමාගමේ " Samsung Galaxy Unpacked Event " එක ලබන මාසයේ 11 වන දින (2021 අගෝස්තු 11) පැවැත්වීමට සැලසුම් කර ඇති බව Samsung සමාගම මගින් නිල වශයෙන් තහවුරු කරන ලදි. එහිදී Samsung Galaxy Z Fold 3, Galaxy Z Flip 3, Galaxy S21FE සහ Samsung Galaxy Watch 4 Series සහ Galaxy Buds 2 එළිදැක්වීමට කටයුතු යොදා ඇත. Samsung පරිශීලකයන් සහ රසිකයන් බොහෝ දෙනා විසින් මෙම Event එක තුළදී Galaxy Note 21 නිලවශයෙන් නිකුත් කරාවි යැයි විශ්වාස කරත් මෙ වන විට එසේ නිකුත් කිරීමට අදහසක් තමන්ට නැතැයි Samsung සමාගම පවසා තිබේ.

සාමාන්‍යයෙන් සැම වසරකදිම මෙන් Note Series Smart Phone එකක් එළිදැක්වීමට Samsung සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මේ වසරට අදාලව ඔවුන්ගේ Note Series එකේ Line up එකට අනුව නිකුත් කිරිමට නියමිතව තිබෙන්නේ Note 21 Smart Phone එකයි.

කෙසේ වෙතත් පසුගිය දිනක දකුණු කොරියාවේ දි පැවතුණු 52nd Regular Shareholders Meeting එකේ දි Samsung Electronicsහි CEO වෙන Dong-jin Koh මහතා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වසරේදි Samsung සමාගම විසින් Note Series Smart Phone එකක් නිකුත් කිරිමට බලාපොරොත්තු නොවන බවයි.

මෙම Event එක තුලදී Samsung සමාගම විසින් "Third generation of foldable devices” හඳුන්වා දීමට කටයුතු කරනු ඇත.

කෙසේ නමුදු, "මේ වතාවේදී "Samsung Galaxy Note 21 Unpack කිරීමට කටයුතු යොදා නැතැයි Samsung සමාගම තහවුරු කර ඇත. එ​සේනම් අපට ​එම අවස්ථාව විඳගන්න තවත් කාලයක් බලාසිටීමට සිදුවනු ඇත.

කෙසේ වුවත් ET Newsහි වාර්තාවට අනුව මෙවර Samsung සමාගම විසින් Galaxy Note 21 මාදිලිය සඳහා නිකුත් කිරීමට නියමිතව පවතින්නේ එක version එකක් පමණක් වන අතර මෙය බොහෝ දුරට Galaxy Note මාදිලියේ ජංගම දුරකතන වල අවසාන ජංගම දුරකතනය විය හැකියැයි පැවසෙනවා.

මීට පෙර Samsung Galaxy Note 21 පිළිබඳ අප විසින් වාර්තා කල ලිපි දෙක ඔබට පහතින් කියවිය හැක.

Source - XDA-Developers