Loading...
Samsung සමාගම 2021 වර්ෂයේදී තම Galaxy Note මාදිලියේ අවසාන ජංගම දුරකතනය එලිදක්වන බව වාර්තා වේ

Samsung සමාගම සෑම වර්ෂයකම වාගේ Galaxy S සහ Galaxy Note ලෙස Flagship මාදිලියේ දුරකතන වර්ග දෙකක් එලිදක්වන බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. මෑතකදී වාර්තා වූ ආකාරයට 2021 වර්ෂයේ නිකුත් වීමට නියමිත Galaxy S21 ජංගම දුරකතනය සමඟ S Pen සහය ලබා දීමට Samsung සමාගම සූදානම් වන බව වාර්තා වූ අතර ඒ සමඟම වාර්තා වූයේ Samsung සමාගම විසින් තම Galaxy Note මාදිලියෙ ජංගම දුරකතන නිපදවීම නැවැත්වීමට සූදානම් වන බවයි.

ඒ සමඟම Samsung සමාගම විසින් මීලඟ Galaxy Z Fold මාදිලියේ ජංගම දුරකතන සඳහා S Pen සහය ලබා දෙන බැවින් Galaxy Note මාදිලියේ ජංගම දුරකතන නිපදවිම නැවැත්වීමට යන බව දැක්වෙන පුවත තහවුරු වීමට එය තවත් රුකුලක් විය. නමුත් දකුණු කොරියානු ET News පුවත් සමාගමේ දැක්වෙන ප්‍රකාශනයකට අනුව 2021 වර්ෂයේදී Galaxy Note 21 ලෙසින් Galaxy Note මාදිලියේ ජංගම දුරකතනයක් නිකුත් වීමට නියමිත බව වාර්තාවනවා.

පසුගිය වර්ෂ කිහිපය පුරාවටම Samsung සමාගම විසින් තම Galaxy Note ජංගම දුරකතන වෙළඳපලට නිකුත් කිරීම සිදු කල අතර මෑත වසර කිහිපයකදී ඔවුන් විසින් Galaxy Note මාදිලිය සඳහා වන version දෙකකින් එලි දැක්වීම සිදු කරනු ලැබුවා.

කෙසේ වුවත් ET Newsහි වාර්තාවට අනුව මෙවර Samsung සමාගම විසින් Galaxy Note 21 මාදිලිය සඳහා නිකුත් කිරීමට නියමිතව පවතින්නේ එක version එකක් පමණක් වන අතර මෙය බොහෝ දුරට Galaxy Note මාදිලියේ ජංගම දුරකතන වල අවසාන ජංගම දුරකතනය විය හැකියැයි පැවසෙනවා.

එමෙන්ම මෙම වාර්තාවට අනුව Samsung සමාගම විසින් Galaxy Z Fold 3 දුරකතනය සමඟ S Pen එක ලබා දීමට සූදානම් වීම අතර මේ දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයා තම Galaxy Note පාරිභෝගිකයන් Galaxy Z Fold සඳහා යොමු කිරීමට සූදානම් වන වාර්තා වනවා.

Sources: ET News, GizmoChina