Loading...
Samsung Galaxy S21 Ultra 5G දුරකතනය සඳහා S Pen සහය ලබා දීමේ සූදානමක්, Note series එකේ අවසානයද?

Samsung සමාගම තම S series එකේ මීලඟ ජංගම දුරකතනය වන Galaxy S21 series එකේ ජංගම දුරකතන මාලාවේ ජංගම දුරකතන නිකුත් කිරීම 2021 වර්ෂයේ සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටී. මෙම දුරකතන මාලාවේ වඩාත්ම බලවත් දුරකතනය වන Galaxy S21 Ultra 5G සඳහා S Pen stylus එකක් ලබා දීමට නියමිත බව කොරියානු පුවත් පතක් මඟින් හෙලිකර තිබුනේ අගෝස්තු මාසයේදීය.

මෙම පුවත තහවුරු කරමින් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත් tipster කෙනෙක් වන IceUniverse වීසින් Twitter ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර තිබුනේ S21 Ultra ජංගම දුරකතන සඳහා S Pen සහය ලැබෙන බවයි. ඊට පෙර Galaxy S21 Ultra 5Gහි හැඩය පිළිබඳව කෙරුණු හෙලි කිරීමකදි මෙම S Pen එක දක්නට නොතිබුණි.

කෙසේ වුවත් Galaxy S21 Ultra 5G සඳහා S Pen සහය ලැබෙනු ඇති බව සඳහන් වූවත් මෙම දුරකතනය සමඟ S Pen එකක් ලැබෙනවාද යන්න කිසිවෙකුත් සඳහන් කර නැත. ඒ වන විට පලවන මත බොහොමයකට අනුව Galaxy S21 Ultra 5G ජංගම දුරකතනය S Pen සඳහා සහය දැක්වූවද ඒ සඳහා අවශ්‍ය කරන S Pen එක වෙනම  වෙළඳ පලෙන් මිලදී ගැනීමට සිදු වනු ඇති බවයි.

එමෙන්ම මෙම S Pen එක දුරකතනය තුල රඳවා ගැනීමේ ඉඩ පහසුකම ලබා නොදෙනු ඇහි අතර ඒ සඳහා වෙනමම ඒ සඳහා නිපදවූ case එකක් භාවිතා කිරීමට සිදුවනු ඇත.

මේ සමඟම පල වන තවත් මතයක් වන්නේ මේ හරහා Samsung සමාගම තම Galaxy Note ජංගම දුරකතන මාදිලියට තිත තැබීමට සූදානම් වන බවයි. ඒ සඳහා වන මූලික පියවර ලෙස මේ ආකාරයට Galaxy S දුරකතන මාලාවට S Pen සහය ලබා දීම සිදු කර ඇත.

මේ වන විටත් Samsung සමාගම විසින් තම Galaxy Note දුරකතන මාලාවට තිත තැබීමට යන බව කටකතා පැතිරෙන අතර මීලඟ අවුරුද්දේ නිකුත් කිරීමට නියමිත Galaxy Note ජංගම දුරකතනය පිළිබඳවද කිසිම තොරතුරක් සඳහන් වන්නේද නැත. ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Galaxy Z Fold දුරකතන මාලාව සඳහා Samsung සමාගම විසින් S Pen එක හඳුන්වා දීමට නියමිත අතර ඒ සඳහාම වෙන් වූ slot එකක් ද ලබා දී ඇත.

2021 වර්ෂයේ ජනවාරි මස නිකුත් වීමට නියමිතව ඇති Galaxy S21 Ultra 5G දුරකතනය අඟල් 6.81ක 120Hz refreshing rate එකක් සතු Quad HD+ resolution එකකින් යුතු AMOLED display එකකින් සමන්විත වන අතර Snapdragon 875/Exynos 2100 යන chipset වලින් බල ගැන් වෙනු ඇත. මීට අමතරව 108mp Samsung HM3 quad rear cameras වලින් මෙම ජංගම දුරකතනය සමන්විත වනු ඇතැයි මත පල වන අතර මේ සඳහා 5,000mAh battery එකක් භාවිතා වන අතර එය 60W fast charging සඳහා සහය දක්වනු ඇතැයිද මත පල වනවා.

Source: Gizmochina