Loading...
Samsung Galaxy S21 series එක එළඹෙන ජනවාරි 14 වන දින එලිදැක්වෙනු ඇතයි වාර්තා වේ

Samsung ආයතනය විසින් ඔවුන්ගේ නවතම Galaxy S21 Smartphone Series එකේ නිෂ්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.

Twitter Leaker කෙනෙක් වෙන Roland Quandtගේ Twitter සටහනට අනුව මේ වන විට Galaxy S21 Series එකේ S21 Ultra Device එකේ නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙන බව දක්වා තියෙනවා. හැබැයි Roland විසින් තවමත් මේ තොරතුරු සත්‍ය දැයි තහවුරැ කිරිමට සමත් වි නැ. ඒ වගේම සමහර විට මෙය S21 Series එකේ Prototype Production එකක් විමටත් ඉඩ කඩ තියෙනවා.

අපි මිට පෙර ලිපියකින් S21 Series එකේ Design එක පිළිබඳව වාර්තා වු තොරතුරු වගේම Samsung ආයතනය විසින් මේ S21 Series එක සදහාත් iPhone 12‌‌ Series එකේ මෙන් Charger හා Earphone ලබා නොදිමට සුදානම් වන බවටත් තොරතුරු ගෙන ආවා. මේ වන විට මේ Galaxy S21 Series එකේ Announcement Data, Pre-Order Date හා Launch Date පිළිබඳව තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

Jon Prosser විසින් Twitter සටහනක Samsung සමාගමේ නවතම Galaxy S Flagship Series එකේ Device Names වගේම Announcement Data, Pre-Order Date හා Launch Date ගැන තොරතුරු දක්වා තිබෙනවා. මේ අනුව අපිට මේ Galaxy S21 Series එකේ දි Devices 3 බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ අනුව මේ Devices තුන විදිහට Galaxy S21, Galaxy S21+ හා Galaxy S21 Ultra හදුන්වන්න පුළුවන්. හැබැයි මේ S Series එක S21 හෝ S30 ලෙස හදුන්වනු ඇති බවට මත පළවුවාත් මිලග වසරට, එනම් 2021 වසරට ගැලපෙන ලෙස S21 ලෙස මේ S Series එක නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිට අනුව S30 Series එක අපිට 2030 දි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ Twitter සටහනට අනුව 2021 ජනවාරි 14 වන දින පවත්වන Galaxy Unpacked Event එකේ දි මේ Series එක නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම එදිනම Pre-order කිරිමටත් හැකියාව ලබා දෙනු ඇත. මේ S21 Series එක අපිට Black, White, Grey, Silver, Violet හා Pink ලෙස වර්ණ 6කින් මිලදි ගැනිමට හැකි වනු ඇතැයි දැනට තියෙනවා තොරතුරුවලට අනුව බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම Ross Youngගේ Twitter සටහනකට අනුව අපිට Galaxy S21 එක Gray, Pink, Violet හා White කියන Coloursවලින් ද Galaxy S21+ Black හා Silver කියන Colors දෙකෙන් ද Galaxy S21 Ultra Black, Silver හා Violet කියන Colors තුනෙනුත් නිකුත් වනු ඇති අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඔහු වැඩි දුරටත් දක්වලා තිබෙනවා මේ Series එක Brazil, Indonesia, Korea හා Vietnamහි නිෂ්පාදනය සිදු කරන්න Samsung සමාගම කටයුතු කරනු ඇති බවටත්.

මේ Series එකේ Specs ගැන දැනට තියෙන තොරතුරුවලට අනුව නම් මේවා Qualcomm’s Snapdragon 875 හෝ Exynos 2100 Processor මගින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේවා සදහා යොදා ගන්නා Processor එක Market එක අනුව වෙනස් වනු ඇත. ඒ වගේ මෙහි Display එක Infinity-O display එකක් වන අතර S21 හා S21 Plus Camera 03කින් ද S21 Ultra Camera 04කින් යුතුව ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina