Loading...
Samsung Galaxy S21 සහ S21 Ultraහි design එකක් අන්තර්ජාලයෙන් වාර්තා වේ

2021 වසරේ Samsung සමාගමේ ප්‍රධාන Flagship Device Series එක වෙන්නේ S Series එකයි. මේ අනුව මිලග වසරේ නිකුත් විමට නියමිත S Series Flagship Devices ගැන මේ වන විට නිල නොවන තොරතුරු කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා. ඒ අනුව මිලග වසරේ S Series එක බොහෝ විට S30 හෝ S21 ලෙස නම් කරනු ඇත. කෙසේ වෙතත් මිලග වසරට ගැලපිමක් විදිහට මේ S Series එක S21 ලෙස නම් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඔබට මතක ඇති අපි මිට පෙර මේ S21 Series එකෙන් අපිට මොන වගේ Feature බලාපොරොත්තු වෙන්න පුළුවන් ද, එහි Display එක පිළිබඳව මෙන්ම, එහි Battery Capacity එක පිළිබඳවත් තොරතුරු ගෙන ආවා.

දැනට S21 Series එකට අදාලව ජායාරූප කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා. ඊට අනුව මේ Smartphone එකේ Galaxy S20 Design එකටම සමාන design එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව Punch-hole Selfie Camera එකක් 1.1mm පමණ ප්‍රමාණයේ Camera Bumper එකක් සහිත Main Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම පිටුපස Triple Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Twitter Leaker කෙනෙක් වෙන Steve Hemmerstofferට අනුව මේ S Series එකේ අගල් 6.2ක Flat Display එකක් බලාපොරොත්තු විය හැකියි. මෙය 151.7 x 71.2 x 7.9mm ප්‍රමාණයේ වෙනවා. ඒ වගේම මේ S21 Series එක යටකේ Plus හා Ultra ලෙස Model දෙකක් ද නිකුත් විමට නියමිතයි.

තවමත් මිලග S Series එක පිළිබඳව නිල වශයෙන් තොරතුරු නිකුත් වි නොමැති වුවත් ඉදිරියේදි අපිට මේ S21 Series එක පිළිබඳව තොරතුරු දැන ගැනිමට හැකි වනු ඇති. කෙසේ වෙතත් ලොව පුරා පවතින CovID-19 වසංගත තත්වය නිසා මේ Series එකේ එළිදැක්වීමත් බොහෝ දුරට ප්‍රමාද වෙන්න පුළුවන්.

Source: Android Police, Voice, @onLeaks