Loading...
Samsung Galaxy S30 series එක මොන වගේ වෙයිද?

ඔබ දන්නා පරිදි සැම වසරකම මුල් කාලයේදි Samsung ආයතනය ඔවුන්ගේ නවතම Flagship Phone Series එක නිකුත් කිරිමට කටයුතු කරනවා. 2021 දි එනම් මිලග වසරේදි මේ Flagship Device එක විදිහට නිකුත් විමට නියමිත වෙන්නේ Samsung Galaxy S30 Device එක බව කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ Device එකේ නම ගැන සලකද්දි මේක S30 විදිහට හදුන්වන්න ලොකු හැකියාවක් තිබෙනවා. එසේත් නැතිනම් මෙය Galaxy S21 ලෙස හැදින්විය හැකියි.

Galaxy S20 දුරකථනවල ඇතිවු යම් යම් ගැටලු නිසා එය තරමක් දුරට S Series එකට ගැටලුවක් ඇති කල Device එකක් විදිහට දක්වන්න පුළුවන්. හැබැයි 2021 දි නිකුත් කිරිමට නියමිත මිලග S Series එකට නම් මේ ගැටලු ඇති නොවිමට අනිවාර්යයෙන්ම Samsung සමාගම කටයුතු කරයි.

ඇත්තටම 2021 S Series Phone එකකින් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ ? ඒ වගේම Samsung ආයතනය අපිට S Device එකක් හරහා මොන වගේ Feature ලබා දෙයිද ?

අනිවාර්යයෙන්ම මේ S30 Series එක Qualcomm Snapdragon 800-series Chipset එකෙන් බලගැන්වන බව කියන්න පුළුවන්.

1.Samsung Galaxy S30e

ඔබට මතක ඇති 2019 වසරේ S10 එකට සමගාමිව ඉදිරිපත් කල S10e Device එක ඉතා ජනප්‍රිය වු බව. හැබැයි මේ වසරේදි නම් අපිට S20 Series එක සමග S20e Device එකක් නම් දැක ගන්න පුළුවන් උනේ නැ. මේකට හේතුව විදිහට මේ දිනවල පවතින COVID-19 වසංගත තත්වය කියන්න පුළුවන්. ඒත් S20e Device එකක් නිකුත් වුනා නම් එය අනිවාර්යයෙන්ම මේ වසරේ Budget Device අතර මුල් ස්ථානයක් ගන්න බව කියන්න පුළුවන්.

හැබැයි 2021 දි දැනට නිකුත් වි තිබෙන OnePlus Nord, Google Pixel 4a, Apple iPhone SE වගේ Budget Devicesවලට තරගයක් දෙන්න හැකි වෙන විදිහට S30e Device එකක් ලබා දෙන්න හැකියාව තිබෙනවා.

S30e එක අපිට 2019 දි නිකුත් වු S10e Device එක ආකාරයේ විය හැකි බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මේ S30e Device එක Qualcomm Snapdragon 800-series chipset, Multiple Camera lenses,‌‌2021 වසරට ගැලපෙන Internal Storage & RAM එකක්, හොද වර්ණ කිහිපයක් වගේම දැරිය හැකි මිලකටත් පැමිණෙන්න පුළුවන් බව කියන්න ඕනේ.

2. ආකර්ෂණීය නිමාවක්

S20 Phone එකක් ගැන හිතුවොත් ඒ Phone එකේ බැලු බැල්මට කැපි පෙනෙන ඒ කියන්නේ ඒක Samsung Galaxy S20 Device එකක් කියල දැක්ක ගමන් හිතන්න පුළුවන් Design එකකින් යුතු වුනේ නැ. එකම දේ ⁣ලොකු Camera Bump එක විතරයි. Samsung S Series එක සදහා ප්‍රතිවාදින් වෙන Oppo Find X2 Pro වගේම OnePlus 8 series Phones දැක්ක ගමන්ම ඒ Phoneවල Design එකෙන් හදුනා ගන්න පුළුවන් මොකක්ද Device එක කියල.

ඒ වගේම Glass Design එකෙනුත් Samsung Devicesවලට අඩු කල්පැවැත්මක් අඩු ආරක්ෂාවක් ලැබි තිබෙනවා. මේ Design එකෙන් මදක් හෝ වෙනස් වි වැඩි ආරක්ෂාවක් වගේම හොද කල්පැවැත්මක් තිබෙන Device එකක් විදිහට මිලග S30 ඉදිරිපත් විය හැකියි.

3. හොද Camera Setup එකක්

හොද Camera Setup එකක් කියන්නේ Cameraව සමග එන නව Features විතරක්ම නෙවේයි. Photosවල Quality එක වගේම Cameraවත් දෝෂ රහිත වෙන්න ඕනේ. මේ ලගදි Release වෙච්ච Note 20 Ultra එකෙත් දැන් Camera දෝෂ ඇවිත් නේ.

අනිවාර්යයෙන්ම S30 Series එකේ Camera Setup එක High Quality Photo & Video Capture කරන්න වගේම මිලග පරම්පරාවේ Devices සදහා තරගයක් ලබා දිමට හැකි වන සේ නිපදවනු ඇති බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ වන විටත් Galaxy S Series එක කියන්නේ හොදම Camera Setup එකකට හිමිකම් කියන Series එකක් විදිහට දක්වන්න පුළුවන්.

ඒ වගේම Biggest Camera Bumps, ඇත්තටම මේක අවශ්‍යද ? මේ විශාල Camera Bumps නිසා ඇත්තටම අපිට සිදු වෙන්නේ කරදරයක්. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් S30 Series එකෙන් මේ Camera Bump එක මදක් හෝ අඩු කරපු හොද Camera Setup එකක් ලබා දෙයි කියල.

4. Fingerprint Sensor

Samsung Galaxy S20 Series එකේදි In display Ultrasonic Fingerprint Sensor එකක් ලබා දිලා තියෙනවා. දැනට වෙළදපොල පවතින් බොහෝ In Display Fingerprint Sensor විදිහට භාවිත වෙන්නේ Optical Sensors එකක්. හැබැයි Samsung S Series Device සදහා භාවිත කරන්නේ Ultrasonic Sensor එකක්. හැබැයි Samsung ආයතනය දක්ව⁣න්නේ මේ Ultrasonic Sensor එක Optical Sensorsවලට වඩා වේගවත් හා කාර්‍යක්ෂම බවයි. හැබැයි ඉතින් ප්‍රයෝගිකව නම් Optical Sensors එකේ වේගය හා කාර්‍යක්ෂමතාවය වැඩි බව තමා කියන්න පුළුවන්. ඉතින් S30 Series එක සදහා ඔවුන් ඔවුන්ගේ Ultrasonic Sensor එක වැඩි දියුණු කර එහි වේගය හා කාර්‍යක්ෂමතාවය වැඩි කර භාවිත කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඒ වෙනුවට Optical Sensors එකක් යොදා ගන්නත් බැරි කමක් නැ.

5. Full eSIM Support

S30 Series එකෙන් බොහෝ විට eSIM පහසුකම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඔවුන් S20 Series එකේදි eSIM Feature එක Globally වශයෙන් ලබා දිමක් සිදු කලේ නැ. මේ ගැටලුව නිවරදි කර S30 Series එක සමග eSIM Feature එක Globally වශයෙන් ලබා දිමට හැකියාවක් පවතිනවා. ඒ වගේම Physical SIM කාඩ්පත් අතහැර සම්පූර්ණයෙන්ම eSIM භාවිත කිරිම අපිට මේ Series එකෙන් නම් බලාපොරොත්තු වෙන්න බැ. හැබැයි ඉදිරි වසරට දෙක-තුන ඇතුලතදි Full eSIM Supported Devices බලාපොරොත්තු වෙන්න පුළුවන්.

6. Faster Wired Charging

තාමත් Samsung ආයතනය විසින් S series එක සදහා ඉතා වේගයෙන් Charge කල හැකි වන පරිදි Faster Wired Charges ලබා දිමක් සිදු කරන්නේ නැ. S20 Series එක සමග ඔවුන් ලබා දුන්නේ 25W Charger එකක්. හැබැයි මේ වන විට සෑම දුරකථන නිෂ්පාදන සමාගමක්ම Wired Fast Charging පිළිබඳව අවධානය යොමු කරල තිබෙන නිසා S30 Series එක සමග ඉතා හොද Wired Fast Charging Charger එකක් ලබා දිමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සමගම ඔවුන් Wireless Charging Feature එකත් අනිවාර්යයෙන්ම වැඩ් දියුණු කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

7. Headphone Jack එක ආපහු

Headphone Jack එක ඉවත් කිරිමට කටයුතු කිරිම නම් අපි සැමට විශාල පාඩුවක්. මොනව උනත් Headphone Jack එකට අකමැති අයත් ඉන්නවනේ. හැබැයි S30 Series එක සමග Headphone Jack එක පැමිණියහොත් එය S Series එකට විශාල ජනප්‍රියතාවක් ලැබිමට හේතුවක් වන බව නිසකයි.

8. අමතර දේවල්

මිට අමතරව Smartphone එකක් සදහා අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු microSD card slot, Wireless charging, IP rating, හොද Battery Capacity එකක්, හොද Refresh Rate එකක් ඇති Display එකක් වගේම තවත් වැදගත් අලුත් Feature සමග මේ Devices පැමිණෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

9. මිල

ලංකාවේ අපිට නම් වැදගත්ම දේ. S Series එක කියන්නේ Flagship Devices Series එකක් නිසා අපිට සැලකිය යුතු වැඩි මිලකට මේ Devices මිලදි ගන්න පුළුවන් වෙයි කියල හිතන්න පුළුවන්. හැබැයි S30e Device එකක් ලබා දුන්නොත් නම් ඒක Budget Device Range එකේ මිලක පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.