Loading...
2021 වසර සඳහා Galaxy Note ජංගම දුරකතනයක් එලි නොදක්වන බව Samsung සමාගමේ CEO විසින් නිල වශයෙන් ප්‍රකාශ කරයි

සාමාන්‍යයෙන් සැම වසරකදිම මෙන් Note Series Smart Phone එකක් එළිදැක්වීමට Samsung සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මේ වසරට අදාලව ඔවුන්ගේ Note Series එකේ Line up එකට අනුව නිකුත් කිරිමට නියමිතව තිබෙන්නේ Note 21 Smart Phone එකයි.

ඒ වගේම ඔබට මතක ඇති පසුගිය දිනක දි Samsung සමාගම 2021 වර්ෂයේදී තම Galaxy Note මාදිලියේ අවසාන ජංගම දුරකතනය එලිදක්වන බවට වාර්තා විම පිළිබඳව අපි තොරතුරු ගෙන ආවා. කෙසේ වෙතත් පසුගිය දිනක දකුණු කොරියාවේ දි පැවතුණු 52nd Regular Shareholders Meeting එකේ දි Samsung Electronicsහි CEO වෙන Dong-jin Koh මහතා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වසරේදි Samsung සමාගම විසින් Note Series Smart Phone එකක් නිකුත් කිරිමට බලාපොරොත්තු නොවන බවයි.

ඒ වගේම මෙලෙස මේ වසරේදි Note Series Smart Phone එකක් නිකුත් නොවුව ද Samsung සමාගම විසින් Note Series එක අතහැර නොදමන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදි Samsung සමාගම විසින් නිකුත් කරන ලද Galaxy S21 Series එකේ සියලු Devices S-Pen Support එකත් සමග ලබා දිමට ඔවුන් කටයුතු කලා. ඒ අනුව මේ S21 Series එක S-Pen Support එක හිමිවු පළමු Samsung Galaxy S Series එක වෙනවා. ඒ වගේම ඉදිරියේදි නිකුත් කිරිමට නියමිත Galaxy Fold 3 Series එක සදහාත් S Pen Support එක ලබා දිමට බලාපොරොත්තු වෙන බව Samsung සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව Samsung සමාගම විසින් ඔවුන්ගේ Mid-Range Galaxy Devices සදහාත් ඉදිරියේදි S Pen Support එක ලබා දිමට සුදානමින් සිටන බවට විවිධ තොරතුරු පල වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මෙලෙස Samsung සමාගමේ Galaxy Series සදහා S Pen Support එක ලබා දුන් පමණින්ම ඉදිරියේදි Galaxy Note Series එකේ අවසානය මෙයයි බලාපොරොත්තු විය නොහැකි වෙනවා. Dong-jin Koh මහතා 52nd Regular Shareholders Meeting එකේ දි වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ දැන් නව නිෂ්පාදන නිකුත් කිරිමට වඩා පවතින නිෂ්පාදන වැඩි දියුණු කර නව කාලයට ගැලපෙන ලෙස නිකුත් කිරිමට ඔවුන් සුදානම් විය යුතු බවයි.

මේ තුලින් ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි වසරේ දි හෝ Galaxy Note Series Smart Phone එකක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව බොහෝ විට 2022 වසරේදි Samsung Galaxy Note Series Smart Phone එකක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina, Ddaily