Smart Phone Industry එකේ දැවැන්තයෙකු වෙන Samsung සමාගම විසින් ඔවුන්ගේ නව Smart Phone හා Tablet රාශියක් සදහා Update ලබා දිම වසර 04ක් දක්වා දිර්ඝ කරන බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2019 වසරේ සිට මේ දක්වා නිකුත් වුණ Galaxy Z, S, Note, A, M, X Cover හා Galaxy Tab Series එකේ Smart Phone සදහා මෙලෙස ඉදිරි වසර 04 සදහාම Security Updates ලබා දෙනු ඇත.
මෙලෙස Galaxy Devices සදහා ඉදිරි වසර 04ට අවශ්‍ය Security Patches ලබා දිම සදහා ඔවුන් විසින් එම Devicesවල OS හා Chipset හවුල්කරැවන් වගේම 200 අධික ලොවපුරා විසිරැණ Carrier ජාලය සමග ද කටයුතු කරමින් සිටින බව ඔවුන් දක්වා තිබෙනවා.

මෙලෙස තවත් වසර 04ක් සදහා Security Updates ලැබෙන Samsung Galaxy Devices පහත දැක්වෙනවා.
Galaxy Foldable Devices
Fold, Fold 5G, Z Fold2, Z Fold2 5G, Z Flip, Z Flip 5G
Galaxy S Series
S10, S10+, S10e, S10 5G, S10 Lite, S20, S20 5G, S20+, S20+ 5G, S20 Ultra, S20 Ultra 5G, S20 FE, S20 FE 5G, S21 5G, S21+ 5G, S21 Ultra 5G
Galaxy Note Series
Note10, Note10 5G, Note10+, Note10+ 5G, Note10 Lite, Note20, Note20 5G, Note20 Ultra, Note20 Ultra 5G
Galaxy A Series
A10, A10e, A10s, A20, A20s, A30, A30s, A40, A50, A50s, A60, A70, A70s, A80, A90 5G, A11, A21, A21s, A31, A41, A51, A51 5G, A71, A71 5G, A02s, A12, A32 5G, A42 5G
Galaxy M Series
M10s, M20, M30, M30s, M40, M11, M12, M21, M31, M31s, M51
Galaxy XCover Series
XCover4s, XCover FieldPro, XCover Pro
Galaxy Tab Series
Tab Active Pro, Tab Active3, Tab A 8 (2019), Tab A with S Pen, Tab A 8.4 (2020), Tab A7, Tab S5e, Tab S6, Tab S6 5G, Tab S6 Lite, Tab S7, Tab S7+
මේ සියලු Galaxy Devices සදහා Monthly Security Updates නොලැබුණද සැම කාර්තුවකටම වරක් හෝ Security Patches ලැබෙන බවට ඔවුන් සහතික කර සිටිනවා.
Source : Gizmochina, Samsung