Loading...
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම ජුලි 10 දි​න ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත්වුවා.

මෙහිදී ඔවුන් විසින් නවතම Galaxy Z Fold, Galaxy Z Flip, Galaxy Watches, Galaxy Buds සහ බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි Galaxy Ring එකත් නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරා. මේ විදිහට එළිදැක්වුණ නවතම Samsung Galaxy නිෂ්පාදනයන් ගැන අපි දැන් බලමු.

මේ අතරින් මෙවර එළිදැක්වුණ සුවිශේෂිම නිෂ්පාදනය ලෙස Galaxy Ring හඳුන්වා දෙන්න පුලුවන්. එමෙන්ම මෙය Personal Health Monitoringවල මීලග හැරවුම් ලක්ෂය ලෙසත් දක්වන්න පුලුවන්.

මීට මාස කිහිපයකට පෙර පැවති Mobile World Congresහිදී Samsung සමාගම විසින් මෙය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළත්, එහි පිවිතිරයන් හෝ මිල ගණන් පිළිබඳව ඔවුන් ඊයේ පැවැති Unpacked Event එක වන තුරු ප්‍රකාශයට පත් කර තිබුණේ නැත.

මේ වන විට සියලු ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතර ජනප්‍රිය Titaniumවලින් මෙය නිමවා ඇති අතර මුදු ප්‍රමණයන් 5 සිට 13 දක්වාත්, Black, Silver සහ Gold වර්ණ වලිනුත් මීලදී ගත හැකි වනවා.

එමෙන්ම මෙහි සියලු Health tracking sensors, Batteries සහ Charging pins ආදිය මුදුවේ ඇතුළු පැත්තට ලබා දී තිබෙන අතරම මෙය IP68 සහ 10ATM Ratings ලබා දී තිබෙනවා. එනම් ඔබට මෙය කිසිදු ගැටලුවකින් තොරව පිහිනීමේදී මෙන්ම ඕනෑම කාලගුණිත තත්වයකදී භාවිත කළ හැකියි.

Galaxy Ring එක pinch gesture controls සඳහා සහාය දක්වන අතර ඒ ඔස්සේ ඔබට ඡංගම දුරකථනය පාලනය කිරීම මෙන්ම ඡයාරුප ගැනීමේ සහ Alarm Dismiss කිරීමේ හැකියාවත් ලැබෙනවා. එමෙන්ම මෙය Samsung Find සඳහාත් සහාය දක්වනු ලබනවා.

මේ ඔස්සේ ඔබට ඔබගේ Heart Rate සහ Skin Temperature පිළිබඳව තොරතුරු ලබා ගත හැකි අතර Sleep tracking සහ Menstrual Cycle පහසුකමත් ලබා දී තිබෙනවා. එමෙන්ම මේ Galaxy Ring එකට ඔබගේ Workout ස්වයංක්‍රීයවම හදුනාගත හැකි වනවා.

මුදුවේ ප්‍රමාණය අනුව 17 mAh සිට 22.5 mAh පමණ Battery Capacity එකක් ලැබී තිබෙන අතර එය දින 07ක් දක්වා පමණ ප්‍රමාණවත් වන බවයි දක්වා තිබෙන්නේ. එමෙන්ම මෙය Charge කිරීම සඳහා Samsung සමාගම විසින් Charging Case එකක් සපයා ඇති අතර එහි Battery Capacity එක 361 mAh පමණ වන අතර ඒ ඔස්සේ මෙම Galaxy Ring එක වාර 20 පමණ නැවත නැවත Charge කළ හැකි වනවා. Bluetooth LE 5.4 ඔස්සේ ජංගම දුරකථනය සමඟ සම්බන්ධ වන මෙය සඳහා Samsung Health App එක තිබීම අවශ්‍යය වනවා. කෙසේ වෙතත් මේ සමගින් කිසිදු Subscription එකක් මිලදී ගැනිමට අවශ්‍ය නොවීම වැදගත් කරුණක් වනවා.

මෙහි මිල ලෙස Samsung සමාගම ඩොලර් 399ක මිලක් දක්වා ඇති අතර ජුලි 24 සිට මිලදී ගත හැක් බවයි ඔවුන් දක්වන්නේ.

මීලග ලිපි ඔස්සේ මේත් සමඟ එළිදැක්වුණ Galaxy Z Fold 6, Z Flip 6, Watch 7, Watch Ultra, Buds 3 සහ Buds 3 Pro පිළිබඳවත් ඔබ වෙත තොරතුරු ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.