Loading...
Galaxy S10 සහ A50 යන Smartphone මාදිලි සදහා Software Updates ලබා දීම අවසන් කරයි

Samsung සමාගම විසින් 2019 වස⁣රේදී නිකුත් කළ ඔවුන්ගේ Premium S10 Series එක සහ Mid-Range Smart Phone එකක් වෙන Galaxy A50 Smart Phones සදහා Software Updates ලබා දීම අවසන් කර තිබෙනවා.

ඒ අනුව Galaxy S10 Series එක ඔස්සේ නිකුත් වු Galaxy S10, Galaxy S10 Plus, Galaxy S10e Smart Phones තුනත්, Galaxy A50 Smart Phone එකටත් මේ මස (අප්‍රේල්) ලැබෙන Security Update එකෙන් පසුව නැවත කිසිදු Software Update එකක් නොලැබෙනු ඇත.

Source: Tecnopymes.cl

Galaxy S10 Series එක සහ Galaxy A50 Smart Phones 2019 වස⁣රේදී Android 9.0 සමග නිකුත් වු අතර Galaxy A50 Smart Phone එක සදහා Samsung සමාගම විසින් Android 11 දක්වා Software Updates ලබා දී තිබෙන අතර Galaxy S10 Series එක සදහා Android 12 දක්වාම Software Updates ලබා දීමත් සිදු වුවා. Samsung සමාගම විසින් ඔවුන්ගේ Mid-Range සහ Premium Smart Phones සදහා ලබා දෙන වසර 04ක Security Update Coverage එකට අනුව මෙලෙස මේ වසර අප්‍රේල් මාසයේ ලැබෙන Security Update එක සමගින් එම වසර 04ක Security Update Coverage එක අවසන් වෙනවා.

Source: Samsung

කෙසේ වෙතත් Galaxy S10 5G Smart Phone එක Quarterly Security Updates සදහා තවමත් සුදුසුකම් ලබන අතර S10 Series එක නිකුත් වි වසරකට පමණ පසුව නිකුත් වු S10 Lite Smart Phone එක සදහාත් තවත් වසරක පමණ කාලයක් Security Updates ලැබෙනු ඇත.

මෙලෙස Samsung සමාගම විසින් මේ Smartphones සදහා Software Support එක මෙලෙස අවසන් කර දැමුවත් එම හේතුව නිසාවෙන් ඔබට ඉදිරියට මෙම Smart Phones භාවිත කිරිම සදහා කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැත.

Source: gizmochina.com