Loading...
Samsung Galaxy S21 මාදිලියේ ජංගම දුරකතන වල design එක අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වේ

මිට පෙර අපි Samsung Galaxy S21 Series එකේ Design එක පිළිබඳව වාර්තා වු තොරතුරු ඔබ වෙත ගෙන ආවා. මේ වන විට Samsung Galaxy S21+ 5G හා Samsung Galaxy S21 Ultra 5G Devicesවල යැයි සැලකිය හැකි Video Teasers එහි Lunch Event එකට පෙර නිකුත් වි තිබෙනවා.

ඒ වගේම Samsung Galaxy S21 5G Series එකේ Lunching Event එක, නැතිනම් Galaxy Unpack Event එක 2021 ජනවාරි 14 දින පැවැත්විමට කටයුතු සුදානම් බවට තොරතුරු පල වෙනවා. මේ Series එකේ විකුණුම් කටයුතු ජනවාරි 29 ඇරඹිමට නියමිත බවත් මේ සමගම වාර්තා වෙනවා. මේ Samsung Galaxy S21 5G Series එකේ විශේෂම දෙය විදිහට මේ වන විට ගෝලිය වශයෙන් මුහුණ දෙමින් සිටින Covid වසංගත තත්වය නිසා වෙනත් වසරවල්වලට සාපේක්ෂව මෙහි මිල ගණන් දැරිය හැකි මිලක් වනු ඇති බවත් සදහන් කරන්න පුළුවන්.

SAMSUNG GALAXY S21 5G & S21+ 5G

මේ Teaser Video එකට අනුව Galaxy S21 5G හා Galaxy S21+ 5G Devices දෙකම සමාන Design එකකින් යුතු වෙනවා. Devices දෙකම Top-center Punch-Hole Camera Setup එකක් සහිත Flat Display එකකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ S21 5G Device එකට අගල් 6.2 AMOLED FHD+ Display එකක් හා S21+ 5G Device එකට අගල් 6.7ක AMOLED FHD+ Display එකක් ඇතුලත් කර තිබෙනවා.

Battery Capacity එක පිළිබඳව සලකා බැලිමේ දි S21 5G Device එක සදහා 4000mAh ද S21+ 5G Device එක සදහා 4800mAh Battery Pack එකක්ද ලබා දි ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. Teaser Video එකට අනුව S21 5G හා S21+ 5G Devices දෙකම Phantom Violet Color එකෙන් පෙන්වා තිබෙන අතරම එහි Rear Camera Module එකට Bronze Color එක ලබා දි තිබෙනවා. මෙහි පවතින Triple Camera Setup එකට 12MP Mail Lens එකත්, 12MP Ultrawide Lens එකත් හා 64MP Telephoto Lens එකකුත් ලබා දි තිබෙනවා.

SAMSUNG Galaxy S21 ULTRA 5G

Galaxy S21 Ultra 5G එකේ Teaser Video එකට අනුව එහි Design එකත් S21 5G හා S21+ 5G Devicesවල Design එකටම සමාන බව කියන්න පුළුවන්. ඒ Video එකේදි අපිට Device එක Black Color එකෙන් බලාගන්න පුළුවන්. හැබැයි මේ S21 Ultra Device එකේදි නම් Rear Camera Module එක වෙනම Color එකකින් බලා ගැනිමේ හැකියාව ලැබෙන්නේ නම් නැ.

ඒ වගේම S21 Ultra 5G එකට Curved Display එකක් ලබා දි තිබෙන අතරම Quad Camera Setup එකක් ලබා දි තිබෙනවා. මේ Quad Camera Setup එකට Laser Autofocus Unit එකක්, 108MP Main Lens එකක්, 10× Super Zoom Capability එකක් සහිත 10MP Periscope lens එකක්, 3X Optical Zoom Capability එකක් සහිත 10MP Telephoto lens එකක් හා 12MP Super Wide lens එකකින් සමන්විත වෙනවා.

ඒ වගේම දැනට තියෙන Rumorsවලට අනුව මේ S21 Ultra Device එක අගල් 6.8ක QHD+ Display එකකින් හා 5000mAh Battery Capacity එකකින් යුතු Battery එකකින් සමන්විත වෙනවා. එමෙන්ම මේ S21 Ultra Device එක සදහා S Pen Stylus සහයත් ලැබෙනවා.

Sources : Gizmochina, Android Police, Beebom