Loading...
2021 නිකුත් වූ iPhone 13 Pro Max හමුවේ Samsung Galaxy S22, S22 + සහ S22 Ultra දුරකතන ත්‍රිත්වය​ම පරාජයට පත් වේ

පසු ගිය දිනෙක Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy S මාදිලිය යටතේ නිකුත් කරන flagship ජංගම ​දුරකතනයන්ගේ නවතම ජංගම දුරකතන මාලාව වන Galaxy S22 ජංගම දුරකතනයන් කිනුත් කිරීම සිදු කෙරුවා. ඒත් සමඟම Android ජංගම දුරකතන වෙළඳපලේ පවතින බලවත්ම ජංගම දුරකතන ලෙස Galaxy S22 ජංගම දුරකතන මාලාව පත්වුනා. කෙසේ නමුත් පසුගිය වසරේදී Apple සමාගම විසින් එලිදැක්වූ iPhone 13 Pro Max දුරකතනය හමුවේ Samsung Galaxy S22, S22+ සහ S22 Ultra යන ජංගම දුරකතන ත්‍රිත්වයම Geekbenchහි ලකුණු වලින් පරාජයට පත්ව තිබෙනවා.

Geekbench 5 වාර්තාවකට අනුව Multi-core Test එකේදි Snapdragon 8 Gen 1 Chipset එක මගින් බලගැන්වෙන Galaxy S22 Ultra Smart Phone එකට Point 3,433 ප්‍රමාණයක් ද Apple A15 Bionic Chipset එක මගින් බලගැන්වෙන iPhone 13 Pro Max Smart Phone එකට Point 4,647 ප්‍රමාණයක් ද ලබා ගැනිම​ට හැකි වි තිබෙනවා.

එමෙන්ම Single-core Test එකේදි Galaxy S22 Ultra SmartPhone එකට Point 1,232කුත් Apple iPhone 13 Pro Max SmartPhone එකට Point 1,735කුත් ලැබි තිබෙනවා. ඒ අනුව Multi-core Test එකේදි මෙන්ම, Single-core Test එකේදීත් Samsung Galaxy S22 Ultra SmartPhone එක අභිබවා යාමට Apple iPhone 13 Pro Max SmartPhone එක සමත් වි තිබෙනවා.

මේ ප්‍රතිඵලය පිළිබඳ Samsung Fansලා පුදුමයට පත් වුවත්, ඔවුන් පසුගිය Galaxy S21 Series එක සදහා භාවිත කරන ලද Snapdragon 888 Chipset එක හා සැසදිමේදී මෙවර Galaxy S22 Series එක සදහා භාවිත කළ Snapdragon 8 Gen 1 Chipset එක සුළු දියුණුවක් පමණක් ලබා ඇති බව මීට පෙර වාර්තාවලින් තහවුරු වුවා. නමුත් Apple සමාගමේ Apple Bionic A14 Chipset එක හා සැසදිමේදී ⁣iPhone 13 Pro Max Smart Phone එක සදහා භාවිත කරන ලද Apple Bionic A15 Chipset එක සැලකිය යුතු මට්ටමක වැඩි දියුණුවක් ලබා තිබෙන බව මීට පෙර වාර්තාවලින් තහවුරු වුවා. ඒ අනුව මෙලෙස Galaxy S22 Ultra Smart Phone එකටත් වඩා iPhone 13 Pro Max Smart Phone එක ඉදිරියෙන් සිටිම පුදුමයට කරැණක් නොවන බව කියන්න පුලුවන්.

Source: PCMag