Loading...
Samsung Galaxy S25 Ultraහි Ultra-wide කැමරාව පමණක් upgrade වනු ඇති බවට වාර්තා ​වේ

Samsung සමාගමේ Premium Smartphone Series එක වන Galaxy S Series එකේ නවතම Galaxy S25 Series එක එළඹෙන වසරේ ජනවාරි මස පමණ නිකුත් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් විවිධ අවස්ථාවල S25 Series එක පිළිබඳව විවිධ නිල නොවන තොරතුරු වාර්තා වු අතර මේ Series එක සමඟ ඔවුන්ගේ Plus මාදිලිය අතහැරීමට Samsung සමාගම සුදානම් බවටත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Galaxy S25 Ultra මාදිලියේ Camera Setup එක මේ වසර නිකුත් වු S24 Ultra මාදිලියටම සමානකම් දක්වනු ඇති අතර එහි සිදු කර ඇති එකම වැඩි දියුණු කිරීම වන්නේ එහි Ultrawide Camera එක සඳහා 50MP Samsung ISOCELL JN3 sensor එකක් භාවිත කර තිබිම පමණක් බව වාර්තා වනවා.

ඒ අනුව මේ මාදිලිය සඳහා ඔවුන් සිදු කර ඇති කැපි පෙනෙන වෙනස්කම මෙය වන අතර අනෙක් සියලු විශේෂාංගයන් S24 Ultra මාදිලියේ මෙන් විය හැකි වනු බව බලාපොරොත්තු විය හැකියි.

තවද මෙය Qualcomm සමාගමේ Snapdragon 8 Gen 4 chipset එක සමඟින් නිකුත් විය හැකි අතර වැඩි RAM ධාරිතාවයක්, කුඩා Bezels සහිත විශාල තිරය සහ S24 Ultra මාදිලියට සමාන Battery Capacity එකකින් ද මෙය යුතු වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.

Source: www.gsmarena.com x.com/UniverseIce