Samsung සමාගම විසින් සුපුරුදු පරිදිම ඔවුන්ගේ Galaxy S26 Series එක එළඹෙන වසර ජනවාරියේදී නිකුත් කිරිමට කටයුතු කරනු ඇති බව ඔබ හොදින් දන්නවා. එමෙන්ම මේ වන විට මේ Series එක පිළිබඳව බොහෝ තොරතුරු අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
Galaxy S26 Ultra Smartphone එකේ Display එක මේ වසර නිකුත් වු Galaxy S25 Ultra Smartphone එකේ Display Size එකෙන්ම යුතු වනු ඇති බව සඳහන් වනවා. ඒ අගල් 6.9ක් ලෙසිනුයි. කෙසේ වෙතත් මේ වසර නිකුත් වු Galaxy S25 Ultra Smartphone එකේ සැබැ Display Size එක වුයේ අගල් 6.86 කුයි. එමෙන්ම එළඹෙන වසර නිකුත් වීමට නියමිත Galaxy S26 Ultra Smartphone එකේ සැබැ Display Size එක අගල් 6.89ක් වනු ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම මෙය Samsung සමාගමේ නවතම Display Technologyවලින් යුතු අනෙක් සමාගම්වල Smartphonesවල Displays සඳහා අභියෝගයක් විය හැකි Display එකක් වනු ඇති බවට තොරතුරු හුවමාරු වනවා.
මීට අමතරව Camera Setup එක සඳහා සුපුරුදු පරිදි 5x Telephoto Camera Lens එකත්, Main Camera Lens එක සඳහා පෙරට වඩා 47% ප්‍රමාණයකින් ආලෝකය ලබා ගත හැකි f/1.4 ප්‍රමාණයේ aperture එකකින් යුතු Sensor එකක් යොදා ගනු ඇතැයි ද සුපුරුදු පරිදි 45W Fast Charging පහසුකම සමගින් එළිදැක්වෙනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.
Source: Gsmarena Bgr