Loading...
Samsung සමාගම විසින් පළමු Android XR Headset එක එළිදක්වයි

තාක්ෂණික ලෝකයේ නව පෙරලියක් සිදු කරමින් Google සහ Qualcomm සමඟ ඒකාබද්ධව නිර්මාණය කරන ලද Samsung සමාගමේ Galaxy XR Headset එක නිල වශයෙන් පසුගිය දා වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා. මෙම නවතම උපාංගය Apple Vision Pro වැනි ඉහළ පෙළේ තරඟකරුවන්ට සෘජු අභියෝගයක් එල්ල කරන අතර, Android Ecosystem එක සදහා නව මානයක් එක් කරනු ලබනවා. විශේෂයෙන්ම, Android XR මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන ප්‍රථම උපාංගය ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

Image Source - Samsung

මේ Galaxy XR Headset එක ඇමරිකානු ඩොලර් 1,799.99 ක (රුපියල් ලක්ෂ 5.5කට ආසන්න) තරඟකාරී මිලකට එක්සත් ජනපදය සහ දකුණු කොරියාව සදහා දැනට නිකුත් කර තිබෙනවා. මෙහි පළමු නිකුතුව Pro-Consumers සහ Developersලා ඉලක්ක කර ගත් එකක් වන නමුත්, මිලෙන් අඩු වීම නිසා සාමාන්‍ය පාරිබෝගිකයින්ටත් මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

Galaxy XR යනු හුදෙක් Apple හි Vision Pro හි ලාභදායී පිටපතක් නොවන අතර, එයට අද්විතීය විශේෂාංග රැසක් ඇතුළත් කර තිබෙනවා.

Image Source - Samsung

Key Technical Specifications:

Feature Details
Display 3,552 x 3,840px විභේදනයකින් යුත් Micro-OLED ද්විත්ව Display
Refresh Rate 72Hz සිට උපරිම 90Hz දක්වා
Processor Qualcomm Snapdragon XR2+ Gen 2
OS Google විසින්ම වැඩිදියුණු කරන ලද, නවතම Android XR
Cameras & Sensors hand tracking සහ eye tracking සඳහා අධි-විභේදන Pass-through Camera ඇතුළු Camera සහ Sensors 14කට අධික සංඛ්‍යාව
Battery Life සාමාන්‍ය භාවිතය සඳහා පැය 2ක් සහ වීඩියෝ නැරඹීම සඳහා පැය 2.5ක් දක්වා
Weight Headset එකේ බර ග්‍රෑම් 545ක් පමණ

Galaxy XR යනු ඇන්ඩ්‍රොයිඩ් XR උපාංග පෙළක ආරම්භය පමණක් වන අතර දැනටමත් වඩා සැහැල්ලු XR Glasses මෙන්ම Gemini AI බලයෙන් ක්‍රියාත්මක වන AI Glasses වර්ග ද සංවර්ධනය කරමින් සිටින බව Samsung සමාගම තහවුරු කර ඇත.

Source: news.samsung.com