Loading...
Huawei සමාගමට එරෙහිව ගොණු කල පළමු නඩුවෙන් Samsung සමාගම පරදී, අභියාචනයත් ඉවතට

මීට පැය කිහිපයකට පෙර නිකුත් වූ වාර්තාවකට අනූව Samsung සමාගම හා Huawei අතර පැවති Patent උල්ලංඝනය කිරීම සම්බන්ධ නඩුවෙන් Samsung සමාගම පරාජයට පත්ව තිබේ. මෙහිදී අධිකරණයෙහි තීරණය වී ඇත්තේ Samsung හි Patent සම්බන්ධ නඩුවට ඵලදායී හා සුවිශේෂී ලක්ෂණ නොමැති බවයි. මේ ආකාරයට නීතියට අනූව Samsung සමාගමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී යමින් Huawei සමාගමට එරෙහි පළමු නඩුව Samsung සමාගම පරාජයට පත්විය.

බුද්ධිමය දේපල හිමිකම් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පේටන්ට් බලපත්‍ර ආරවුල සම්බන්ධයෙන් පරිපාලන තීන්දුවේ පළමු තීරණය පිළිගැනීම Samsung සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  මීට අමතරව නව නිපැයුම් Patent බලපත්‍රයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් පරිපාලන ආරවුලට එරෙහිව Samsung සමාගම විසින් අභියාචනයක් ද ගොනු කර ඇත.  තවද Huawei සමාගම විසින් Patent බලපත්‍ර නැවත පරීක්ෂා කිරීමේ මණ්ඩලය වෙත අවලංගු කිරීමේ ඉල්ලීම් ද ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුවේ සම්පූර්ණ පරීක්ෂණයෙන් පසුව Patent බලපත්‍ර පිළිබඳ මතභේදාත්මක තත්ත්වය, සන්නිවේදන හා සන්නිවේදන උපකරණවල සුවිශේෂී කාර්යයන් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් බව අධිකරණය විසින් සොයාගෙන ඇත.

මෙහිදී අධිකරණයෙහි තීන්දුව වන්නේ Samsung සමාගමට අයිතිවාසිකම්කීමට තරම් ඵලදායී, සුවිශේෂී ලක්ෂණ නොමැති බවත් නීතියට අනූව Samsung හි ඉල්ලීම ප්‍රතික්ෂේප වන බවත්ය.

මීට පෙර 2017 වසරේ අප්‍රේල් මසදී බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධව Huawei විසින් Samsung සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර එවක පැවති IP අධිකරණය නඩුව විභාග කොට Huawei සමාගමට Yuan මිලියන 80 ක වන්දි මුදලක් ගෙවන ලෙස Samsung සමාගමට නියම කර ඇත.

2018 වසරේ ජනවාරි මස 11 වන දින Huawei සමාගමට අයත් Patent බලපත්‍ර උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Samsung  සමාගමට එරෙහි පළමු තීන්දුව බුද්ධිමය දේපල හිමිකම් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

එ අනූව විකුණුම් සහ විකුණුම් පොරොන්දු ලෙස Samsung විසින් Huawei සමාගමෙහි අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, නිෂ්පාදන, විකුණුම් සහ නඩු පැවරීමේ පිරිවැය සඳහා වගකිව යුතු බවත්, උල්ලංඝනය කරන නිෂ්පාදන අඛණ්ඩව තහනම් කර ඇති බව අධිකරණය තීන්දු කළේය.

Source: Huawei Central