Loading...
Samsung සමාගම විසින් virtual MWC event එක ජූනි 28 වන දින පැවැත්වෙන බව නිවේදනය කරයි

COVID-19 වෛරස් රෝග තත්ත්වය ලෝකවාසී සියලු දෙනාගේම ක්‍රියාකාරකම් වෙනස් කිරීමට සමත්විය. මෙහි බලපෑම Smartphones අංශයටද යොමු වූ අතර විවිධ Events පවා Online ආකාරයට පැවැත්වීමට සිදුවිය. කෙසේවෙතත් 2020 වසරේදී ඇතැම් සමාගම් සාමාන්‍ය පරිදි Events පැවැත්වූ අතර Samsung සමාගම මෙවරත් Online ආකාරයට ඔවුන්ගේ MWC 2021 Event එක පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනූව Samsung සමාගම මාස ගණනාවකට පසු
ජංගම ලෝක සම්මේලනයක් මෙම මස 28 දින පවත්වනු ඇත.

එමෙන්ම "Barcelona" සමුළුවට සහභාගි වීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු සිටියත් Samsung  සමාගම ඔවුන්ගේ Event එක Virtual Keynotes (Online) ආකාරයට පැවැත්වේ. ලැබෙන තොරතුරු අනූව මෙම Event එක සඳහා SpaceX හා Tesla හි "Elon Musk" මහතාද සහභාගි වනු ඇත.

MWC 2021 Event එකෙහිදී Samsung සමාගම One UI 4 සහ නව WearOS-Based Software හඳුන්වාදෙනු ඇත.

මේ වනවිට Samsung සමාගම අදාළ Event එකෙහිදි එළිදක්වන නිෂ්පාදනයන් පිළිබඳව බොහෝ අදහස් ඉදිරිපත් වෙමින් පවතී. එමෙන්ම Samsung සමාගම තම ජංගම දුරකථනයන් නිකුත් කිරීම සඳහාද මෙවැනි විශාල Events පවත්වන බැවින් MWC 2021 හිදීද ජංගම දුරකථනයක් එළිදැක්වීමට ඉඩකඩ ඇත. එමෙන්ම නිකුත් වීමට නියමිත  One UI 4.0 සම්බන්ධව තොරතුරුද මෙහිදී ඉදිරිපත් කරනු ඇත. තවද One UI හි මීළඟ සංස්කරණය නිකුත් වන්නේ Android 12 පාදක කරගනිමිනි. දැනටමත් සමාගම "Knox" හා සම්බන්ධ දෑ පිළිබඳව යම් යම් ඇඟවීම් සිදුකරන බැවින් පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධ යමක් ද Event එක හරහා බලාපොරොත්තු විය හැකිය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි සතියේදී බලාපොරොත්තු වන්න.

Sources: GizChina, GSMArena