Loading...
Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy A මාදිලියේ ජංගම දුරකථන මාලාව එළිදක්වන දිනය ප්‍රකාශ කරයි

Samsung සමාගමේ ජනප්‍රියතම Mid Range Smartphones Series එක වන Galaxy A Series එකේ නවතම Galaxy A55 සහ Galaxy A35 එළඹෙන 11 (මාර්තු) වනදා පස්වරු 2.30ට එළිදැක්වීමට නියමිත බව නිල වශයෙන් සඳහන් කර තිබෙනවා.

මෙවර මොවුන් විසින් මේ Smartphones එළිදැක්වීමට පෙර ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේම එම Smartphonesවල Key Features කිහිපයක් පිළිබඳව යම් යම් ඉගි ලබා දී තිබෙන අයුරු දැකිය හැකි වනවා.

ඒ අනුව Key Island Design එකෙන් මෙම Devices සමන්විත වනු ඇති බව අපට බලාපොරොත්තු වන්න පුලුවන්. මෙය Samsung සමාගම විසින් ඔවුන්ගේ Premium Devices සඳහාත් තවමත් හඳුන්වා දී නොමැති නව Design එකක් බව දක්වන්න පුලුවන්.

Image - Samsung.com

ඒ වගේම මේ නව Galaxy A Series Smartphonesවල Low Light Photography හැකියාව පිළිබඳවත් ඉස්මතු කරන්න මොවුන් කටයුතු කර තිබෙනවා. වාර්තා වන තොරතුරුවලට අනුව මේ Galaxy A Series එකේ Galaxy A55 සහ A35 Smartphones දෙක සඳහාම 50MP Primary Camera Lens එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Image - Samsung.com

මීට අමතරව Samsung සමාගම විසින් දැනටමත් වසර 04ක් දක්වා Android Updates සහ වසර 05ක් දක්වා Security Patches ද ලබා දෙන බව සහතික කර තිබෙනවා.

Image - Samsung.com

තවදුටරත් ඔවුන් දක්වා ඇති Key Featuresවලට අනුව මේ Series එක Mobile Gaming සඳහා තව දුරටත් Optimize කර ඇති බවත්, Knox Security එකෙන් සමන්විත බවත් සහ Water සහ Dust Resistance ලැබෙනු ඇති බවත් බලාපොරොත්තු වන්න පුලුවන්.

මීට පෙර අප විසින් මෙවර එළිදැක්වීමට නියමිත Galaxy A55 Smartphone එක පිළිබඳව ගෙන ආ ලිපිය පහළින් කියවිය හැකියි.

Galaxy A55 5G Smartphone එක පිළිබඳව මෙතෙක් වාර්තා වූ තොරතුරු
මේ වසරෙත් ජනප්‍රිය විය හැකි Galaxy A55 5G Device එකේ Rumours ගැන අපි මේ ලිපිය ඔස්සේ බලමු.
Register for the new Galaxy A Series Smartphone | Samsung India
Register for the new Galaxy A Series launch and experience the awesome on 11th March, 2024 02:30PM. Register now