Loading...
Samsung සමාගම විසින් Galaxy S23 Series එක එළිදැක්වන දිනය නිල වශයෙන් ප්‍රකාශ කරයි

Samsung සමාගමේ මේ වසරේ නිකුත් කරන පළමු Flagship Smart Phone Series එක ලෙස එළඹෙන පෙබරවාරි පළමු වැනි දින මෙරට වේලාවෙන් රාත්‍රී 11:30 ට ආරම්භ වන මෙම Event එකේදී Galaxy S23 Series එක නිල වශයෙන් එළිදැක්විම සුදානමින් සිටින බවට මේ වන විට Samsung සමාගම විසින්ම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මේ Galaxy Unpack Event එක වසර තුනකට පසුව ඇමරිකා එක්සත් ජනපදයේදී Physically පැවැත්වීමට නියමිත වන අතරම මේ Galaxy Unpack Event එක Samsung.com, Samsung Newsroom සහ නිල YouTube නාලිකාවෙන් සජීවිව විකාශය වනු ඇත.

මේ වන විට Galaxy S23 Series එක පිළිබඳ නිකුත් වි තිබෙන තොරතුරුවලට අනුව මේ S23 Series එක Galaxy S23, Galaxy S23 Plus සහ Galaxy S23 Ultra ලෙස Devices තුනකින් නිකුත වනු ඇති අතර මින් Galaxy S23 හා S23 Plus සදහා 50MP Main Camera එකකින් සමන්විත Tripple Camera Setup එකක් ද Galaxy S23 Ultra Device එක 200MP Camera එකකින් යුතුව Quad Camera Setup එකකින් සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එමෙන්ම මේ Series එකේ Devices සදහා 12MP Selfie Camera Setup එකක් ද ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මීට දින කිහිපයකට පමණ පෙර අන්තර්ජාල තුළ පළවු Leaked Pro Video එකට අනුව මේ Series එකේ එක් ප්‍රධාන Highlight එකක් ලෙස Low Light Photography හදුනා ගත හැකි වනවා. මීට අතරම ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා Snapdragon 8 Gen 2 Chipset එක සමගින් Galaxy S23 Series එක සදහා Satellite Connectivity පහසුකම ලබා දිමටත් සුදානමින් සිටින බව.

කෙසේ වෙතත් තවමත් Samsung සමාගම විසින් නිල වශයෙන් Galaxy S23 Series එක එළිදැක්විමට නියමිත දිනය පිළිබඳව පමණක් තොරතුරු නිකුත් කර ඇති අතර Galaxy S23 Series එක නිකුත් වු විගස තොරතුරු දැනගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: www.gizmochina.com www.sammobile.comCover Image Source: Samsung