Loading...
Samsung One UI 4.0 (Android 12): ලැබෙන Devices, විශේෂාංග සහ Release Date මෙන්න

Android 12 මත පදනම් වුණ One UI 4.0 Update එක මේ වෙන විට Samsung Flagship Devices සදහා නිකුත් කරන්න Samsung සමාගම විසින් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මේ One UI 4.0 Software Update එකත් සමග Samsung සමාගම විසින් ඔවුන්ගේ Usersලා වෙත අලුතෙන්ම හදුන්වා දුන් Features පහත පරිදි වෙනවා.

අඳුරේ දී පවා විචිත්‍රවත් Photos ලබා ගැනීමේ හැකියාව

Night Mode භාවිත කරමින් අඳුරේ දී පවා විචිත්‍රවත් Photos ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබේ. මෙහි දී AI භාවිත කරමින් සියලු විස්තර පැහැදිලිව සහ පැහැදිලිව ග්‍රහණය කරන Photos ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. Tripod භාවිතා නොකර Dynamic Selfie හෝ Twilights Photos ලබා ගැනීමට ‘Flex Mode’ භාවිත කිරීමට පුළුවන්. (ඔබේ Device එක සෙලවෙන වන අවස්ථා වලදී Flex Mode එක පවත්වා ගැනීම අපහසු විය හැකි අතර ඔබේ Device එක හොඳින් Stable ලෙස පවතින විට Flex Mode එක භාවිත කිරීමට නිර්දේශ කර ඇත.)

Smooth සහ Stable Recordings පහසුකම

Image: contents.samsungmembers.com

Video කිරීමේ දී සෙලවෙන විට පවා Shake-Free (සෙලවෙම් රහිත) Video Record කිරීමට ඔබට අවස්ථාව සැලසේ. Auto Focus සහ AI Stabilization සමඟ මෙලෙස ඔබේ විශේෂ අවස්ථා Video කරගැනීමට පහසුකම ලැබේ.

වෙහෙසකින් තොරව Edit කිරීමට - AI Editing

Image: contents.samsungmembers.com

වෙහෙසකින් තොරව හොඳ මට්ටමේ Photo Edit එකක් කරගැනීම සඳහා Powerful AI එකක් ලබා දී තිබෙනවා (මෙය පළමුවෙන් Pixel Devices වලට පැමිණි විශේෂාංගයක්). එමඟින් Automatically Brightness, Sharpness සහ Colors වෙහෙසකින් තොරව Photo Edit කරගත හැක. තව ද ඔබේ Photo එක තුළ ඔබට අනවශ්‍ය Object ඉවත් කිරීමේ හැකියාව ද ලැබේ.

Smart සහ Share කිරීමට පහසු ක්‍රම

Image: contents.samsungmembers.com
Image: contents.samsungmembers.com

High-Quality Videos සහ Photos ඉක්මනින් Share කරගැනීමට හැකිවන පරිදි පහසුකම් ලබා දී ඇත. තව ද Photos Rotate කිරීම ද ඉක්මනින් කළ හැකි වේ. Share කරගැනීමේ දී Receiver ගේ Phone එකට අනුව Automatically Convert වීමක් ද සිදුවන බව පවසයි. (Device Model එක අනුව මෙම විශේෂාංගය තිබිය/නොතිබිය හැක.)

Home Screen

මෙවර Customization Options බොහොමයක් එකතු වී තිබේ. Widgets පහසුකම අලුත් වී ඇත. Widgets වල Opacity එක හා Size එක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට අමතරව, ඔබේ Wallpaper එක අනුව Colors මාරු කරගත හැකි ය. Menus, Buttons, Backgrounds, Apps වල ද මෙලෙස Colors මාරු වේ.

Image: contents.samsungmembers.com

ඔබේ කැමැත්ත අනුව Watch Face එකෙහි සහ Cover Screen එකෙහි, Clock Styles, Colors, Backgrounds සහ widgets වෙනස් කරගැනීමේ හැකියාව ද ලබා දී ඇත.

Image: contents.samsungmembers.com

Messages යැවීමේ දී Fun and Animated Stickers සමඟ ඔබේ හැඟීම ප්‍රකාශ කරන්නට හැකියාව ලැබේ. ඔබට ක්ෂණිකව Emoji දෙකක් ගෙන එකකට එකක් පොඩි කිරීමෙන් හෝ විවිධ ප්‍රමාණවලින් Moving Emojis භාවිත කරමින් හැඟීම් පෙන්විය හැකි ය. මෙය Keyboard එකට ලබා දී ඇති අතර Device Model එක අනුව මෙම විශේෂාංගය නොතිබිය හැක.

ලංකාවට Samsung One Ui 4.0 Update Schedule එක පහත පරිදි වේ

  • Galaxy Z Flip3 5G (2021-Dec)
  • Galaxy Z Fold3 5G (2021-Dec)
  • Galaxy S21 5G (2021-Dec)
  • Galaxy S21+ 5G (2021-Dec)
  • Galaxy S21 Ultra 5G (2021-Dec)
  • Galaxy S10e (2022-Jan)
  • Galaxy S10 (2022-Jan)
  • Galaxy S10+ (2022-Jan)
  • Galaxy Note10 (2022-Jan)
  • Galaxy Note 10+ (2022-Jan)
  • Galaxy Z Flip (2022-Jan)
  • Note 10 Lite (2022-Jan)
  • Galaxy S20 FE (2022-Jan)
  • Galaxy S20 Ultra 5G (2022-Jan)
  • Galaxy Note20 5G (2022-Jan)
  • Galaxy Note20 Ultra 5G (2022-Jan)
  • Galaxy Z Fold2 5G/LTE (2022-Jan)
  • Galaxy S20 (2022-Jan)
  • Galaxy S20+ (2022-Jan)
  • Galaxy S20 FE 5G (2022-Jan)
  • Galaxy Tab S7+ (2022-Feb)
  • Galaxy Tab S7 (2022-Feb)
  • Galaxy A52 (2022-Feb)
  • Galaxy A52s 5G 2022-Feb)
  • Galaxy A72 (2022-Feb)
  • Galaxy A71 (2022-Apr)
  • Galaxy A51 (2022-Apr)
  • Galaxy A32 (2022-Apr)
  • Galaxy Tab S7 FE (2022-Apr)
  • Galaxy Tab S6 (2022-May)
  • Galaxy M31 (2022-May)
  • Galaxy M21 (2022-May)
  • Galaxy Tab S6 Lite (2022-May)
  • Galaxy A22 5G (2022-May)
  • Galaxy F42 5G (2022-May)
  • Galaxy M32 5G (2022-May)
  • Galaxy M42 5G (2022-May)
  • Galaxy M52 5G (2022-May)
  • Galaxy A21s (2022-Jun)
  • Galaxy Tab A7(2020) (2022-Jun)
  • Galaxy M51 (2022-Jun)
  • Galaxy A22 (2022-Jun)
  • Galaxy M62 (2022-Jun)
  • Galaxy Tab A7 Lite (2022-Jun)
  • Galaxy M32 (2022-Jun)
  • Galaxy M22 (2022-Jun)
  • Galaxy A01 (2022-Jul)
  • Galaxy A11 (2022-Jul)
  • Galaxy M11 (2022-Jul)
  • Galaxy M01 (2022-Jul)
  • Galaxy A12 (2022-Jul)
  • Galaxy M02s (2022-Jul)
  • Galaxy M02 (2022-Jul)
  • Galaxy A03s (2022-Jul)
  • Galaxy M12 (2022-Jul)

Source: samsungmembers