Loading...
Android 12 ත් සමඟ ඔබගේ Smart Phone එකට පැමිණෙන හොඳම විශේෂාංගයන් 21ක්

මෙවර Google ආයතනය විසින් පැවැත්වූ Google I/O 2021 event එකේදි Android 12 beta සංස්කරණය Pixel හා වෙනත් සමාගම් කිහිපයක තෝරාගත් Devices කීපයකට release කිරීමට පියවර ගත්තා. ඉතින් මේ සංස්කරණයෙදි User experience එක වැඩි කරන ආකාරයේ විශේෂාංග හා improvements කීපයක්ම දකින්නට ලැබුණා.

ඉතින් අපි බලමු මොනවද කියලා මේ අලුත්ම විශේෂාංග 21 Android 12ත් එක්ක Release වුන.

1. වැඩිදියුණු කල Notification Shades

Google ආයතනය විසින් විශාල improvements ප්‍රමාණයක් notification shades design එකේදි කරලා තියෙනවා."Google Material You language" එක පළමු beta build එකේ සිටම දක්නට ලැබුන අතර එමගින් notification shades හා quick settings panel එකේ පෙනුම සහ එයින් ලැබෙන experience එක වෙනස්ම මුහුණුවරකින් ඉදිරිපත් කර තිබීම දක්නට ලැබෙනවා. මෙවර Google විසින් transparent (විනිවිද පෙනෙන) notification panel එකක් එක් කර ඇති අතර ලැබෙන සෑම Notification එකකටම snooze button එකක් එක් කර තිබේ. විනාඩි 15ත් පැය 2ත් අතර කාලයක් Snooze කිරීමේ හැකියාවද මෙම Android 12 සංස්කරණය මගින් ලබා දී තිබීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි.

2. Redesign කරන ලද Quick settings Panel එක

මෙවර Design එකේදී Android පරිශීලකයන් හට හුරුපුරුදු QS Toggle එක ඉවත් කරලා තියෙනවා. එය වෙනුවට Chunky Toggle එකක් Add කරල තියෙනවා. ඒවායේ පෙනුම නම් තරමක් විශාලයි දැනට තිබෙන toggles වලට වඩා. ඔයාට එක page එකකින්ම සියළුම Toggles ලබා ගැනීමේ හැකියාවත් ලබා දීලා තිබෙනවා.

3. Media Player එකට ලබා දී ඇති නව වැඩිදියුණු කළ පෙනුම

මෙවර design එකේදි Album artworks වලට වැඩි අවධානයක් ලබා දීලා තිබෙනවා.‌‌Media player එක තුල දක්නට ලැබෙන Device name එක screen එකේ දකුණු කෙලවරේ Icon එකක් ලෙස Replace කරල තියෙනවා.‌‌ ඒම Icon එක Touch කල විට ඔබට ඉක්මනින්ම Bluetooth Headphones සමඟ pair කිරීමට හැකියාව ලැබෙනවා. Media player එකේ accent color එක තවදුරටත් Album එකෙ color එක මත රඳා නොපවතින අතර එය System UI එකේ Color එක මත වෙනස් වේ.

4. One-Handed Mode එක

ඔන්න අන්තිමේදි Android 12ත් සමඟ one-handed mode එක default ම ලබා දීලා තිබෙනවා. Google ආයතනය මේක මුලින්ම එයාලගෙ දෙවන Developer preview එකේදි තමයි එකතු කරලා තියෙන්නෙ. ඔයාලට මේක enable කර ගන්නට අවශ්‍ය නම් Settings -> System -> Gestures -> One-handed mode ඔස්සේ සිදු කරගැනීමේ හැකියාව තියෙනවා.

එය enable කරගත් පසු ක්‍රියාත්මක කිරීමට Display එකේ පහල සිට එහි පහලතම කෙලවර දක්වා Swipe කරන්න. නැවත Normal Mode එකට මාරු වීම සඳහා display එකේ ඉහලට Swipe කිරීම හෝ තිරයේ භාවිතයට නොගන්නා Area එකක් මත touch කල යුතුය.

5. Redesign කරන ලද Lock Screen එක

ඔබට කිසිඳු Notification එකක් පැමිණ නොමැති විට ඉතා කුඩා දින දර්ශනයක් හා විශාල Digital Clock එකක් Lock screen එක මත දිස් වේ.

නමුත් Notification එකක් ලැබුන විට තිරයේ වම් කෙළවරේ තිබෙන Clock එක තිරයේ ඉහළ වම් කෙලවරට මාරු වන අතර වඩාත් ක්‍රමානුකූල lock screen interface එකක් බවට පත් වේ.

6. නවීකරණය කල settings app එක

එක් අතකින් භාවිතා කිරීමට වඩාත් පහසු වන පරිදි Settings app එක Design කරන්නට Google විසින් OneUI-esque design එක භාවිතා කරලා තිබෙනවා.‌‌ Settings menu එකට වඩාත් Clean look එකක් ලැබිලා තියෙනවා Android 12ත් සමඟ.

7. නව දීප්තිමත් Ripple (wavy motion) animation effect එකක්

ලබා දී ඇති අලුත් features වලින් වඩාත් ආකර්ශණීයම effect එකක් විදියට මේ Sparkly ripple effect හඳුන්වන්න පුලුවන්.‌‌ ඔබ විවිධ Menu හා Toggles මත Tap කරන විට මෙම Animation එක දැක ගන්නට පුලුවන්.

8. Nearby share මගින් WIFI passwords share කරගැනීමේ හැකියාව

නව Android 12ත් එක්ක Google ආයතනය මගින් වැඩිදියුණු කරලා තිබෙනවා WIFI passwords අනෙකුත් Android devices සමඟ share කර ගැනීමේ feature එකක්. මේ සඳහා ඔයාට Nearby share පහසුකම භාවිතා කිරීමට පුලුවන්.‌‌ Nearby share හරහා WIFI passwords share කිරීමේ මෙම option එක QR code generation page එකේ දිස්වන අතර settings වල Share WIFI connection button එක මත Tap කිරීමෙන් ඔබට මෙයට ප්‍රවේශ විය හැක.

9. නවීකරණය කරන ලද Widgets page එක

බොහෝ කලක් තිස්සේ Google සමාගම Android මෙහෙයුම් පද්ධතියේ තිබෙන Widgets option එක ගැන නම් එතරම් සැලකිල්ලක් දැක්වූවෙ නෑ. කොහොම නමුත් Google ල්ලා Android 12 දි ඒ ගැන අවධානය යොමු කරලා Widget Experience එක improve කරලා තියෙනවා.

මේකට බලපාලා තියෙන්නෙ iOS 14 Widgets වලට සහය දැක්වීම නිසා කියල තමයි සඳහන් වෙන්නෙ.‌‌ Android 12දි නව Widget picker UI එකක් ලබා දීලා තියෙනවා වගේම ඒ UI එකෙන් App එකක් මඟින් ලබා දෙන Widgets ගණන පෙන්වනවා. තවද ඔබට Top Search Bar එකෙන්ද Widgets Search කල හැකිය.

10. Apps සඳහා වන Splash Screen පහසුකම

Android 12 තුන්වන Developer Preview එකෙන් පසුව සියලුම Apps සඳහා Splash Screen එකක් පෙන්වයි. මෙසේ සිදුකර ඇත්තේ සමස්ථ මෙහෙයුම් පද්ධතිය පුරාවටමටම ඇති අනුකූලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්ය.‌‌තවද මෙය Operating System එකට වඩාත් හොඳ Fluid ගතියක් ලබාදීමේ අරමුණින් කල UX සහ Neat Touch වල වැඩිදියුණු කිරීමකි.

11. Google Assistantව රඳවා ගැනීමේ පහසුකම

Power button එක එබීමෙන් Google Assistantව ක්‍රියාත්මක කිරීමට Google ආයතනයෙන් ඔබට Toggle එකක් එකතු කරලා තිබෙනවා. පලමු Android beta සංස්කරණය මත පදනම්ව Power menu controls, Cards සහ pass ආදේශ කර තිබෙනවා.‌‌ඉදිරියේදි ගෙනෙන Builds වලදි මෙම අංගයන්ට අනුගත විය හැකි ක්‍රමයක් Google සමාගම විසින් සොයා ගනු ඇතැයි උපකල්පනය කරනවා.

12. Markup Tools වල වැඩිදියුණු කිරීම්

ඔබට දැන් images සඳහා Text add කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.මීට අමතරව ඔබට පුලුවන් දැන් ඔබේ Gallery එකේ තිබෙන ඕනෑම image එකක් Markup tools වලට import කර edit කිරීමට. Edit කිරීම සඳහා image එක share කර share sheet එකේ ඇති Edit button එක උඩ Tap කරන්න.‌‌ පලමු Developer preview එකේදි Emojis වල සහය දැක්වීම එකතු කරලා තිබුනා Markup tools වලට. නමුත් දෙවන Developer preview එකේදි එය google ආයතනය විසින් ඉවත් කරලා තිබුනා. අපිට හිතන්න පුලුවන් අනාගතයේ මෙම feature ආපසු Add කරයි කියලා Markup tools වලට.

13. Wallpaper එක මත පදනම් වුන Theming System එකක්

මාතෘකාව ගැන කියවද්දිම තේරෙන්නැතිනෙ ඔයාලට මේක මොකක්ද කියලා. Google ආයතනය වැඩ කරමින් ඉන්නවා මේ Wallpaper based theming system එක ගැන. එයාලා මේකට ලබා දී ඇති Codename එක තමයි "Monet" කියන්නෙ.

14. Privacy Dashboard සහ Privacy Indicators

Camera, Microphone, Location හා ඇතුළු තවත් දේවල් වලට permission ලබා ගෙන ප්‍රවේශ වී ඇති Apps පිළිබඳව තොරතුරු තබා ගැනීමට Google Usersලට පහසු කරලා තිබෙනවා. නව Android 12 ත් සමඟ Google විසින් Privacy Dashboard එකක් අලුතින් එකතු කරලා තිබෙන අතර එමගින් මෑතකදී ඔබගේ දත්ත වලට ප්‍රවේශ වී ඇති සියලුම Apps ගැන කාලරාමු සමඟ පෙන්වයි.‌‌

මෙම Feature එක දැනට ඇති Beta Build එකට එකතු කල නොමැති අතර අනාගත Build එකකදී අපට දැකබලා ගත හැක.‌‌ මීට අමතරව Google විසින් ඔබේ Camera එක හෝ Microphone එක භාවිතයේ ඇති විට හඳුනාගැනීමට හැකි Privacy Indicators එකතු කිරීමට සූදානම් වන බව Leak වූ Screenshots කිහිපයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

15. Scroll කල හැකි Screenshots

Android 12 සඳහා සහය දක්වන Scroll කල හැකි screenshot ගෙන ඒමට Google ආයතනය කටයුතු කරන බව ආරංචි වනවා.‌‌මෙයින් අදහස් වෙන්නෙ ඔබට අන්තිමේදි Longshot ලබා ගත හැකි Apps තවදුරටත් අනවශ්‍ය බවයි. ඔවුන් මෙය Default Feature එකක් ලෙස ලබා දීමට කටයුතු කරනු ඇති.

16. Home screen එකේ ඇති Apps installation indicator එක

ඔබගේ Home Screen එකේ Pending app installation සඳහා Icon එකක් පෙන්වීමට Google සමාගම කටයුතු කරන බවට අනාවරණයව තිබෙනවා. මෙය දැනට ලබා දී නොමැති අතර මේ ගැන මුලින්ම හෙලිකර තිබුණේ Twitter පරිශීලකයෙක් වන Brae විසින් "Xda Developers" හරහාය.

17. Clipboard Access Alerts

iOS 14 හී Clipboard access alert එක මෙන් App එකක් ඔබගේ Clipboard එක Access කරන සෑම විටම ඔබට දැනුවත් කිරීම සඳහා toast notification එකක් එක් කිරීමට Google කටයුතු කර තිබෙනවා. මෙම විශේෂාංගය දැනට එක් කර නොමැති අතර අනාගත Build එකකදි ලබා දෙනු ඇති බව සඳහන්.

18. Game Dashboard එක

දෙවන Developer preview එකේදි Google සමාගම විසින් Game Dashboard Widget එකක් එකතු කරල තිබෙන බව පෙනෙනවා.‌‌ මෙම විශේෂාංගය උදව් වෙනවා Gamersලට YouTube Live Streaming කිරීමට, Screenshots ලබා ගැනීමට, Screen record කිරීමට, Fps counter එක බලාගැනීමට සහ DND mode එක Activate කර ගැනීමට.

19. People Space Widgets

Leaked වූ Android 12 document එකකට අනුව‌‌ (People/Conversations) Widget එකක් මගින් පෙන්වීමට Google ආයතනය කටයුතු කරන බව වාර්තා වෙනවා.‌‌ මෙම widgets භාවිතා කරමින් ඔබ තෝරාගත් Contacts, missed calls, activities නිරීක්ශනය කල හැකිය.

20. Face-based Auto-rotations

මෙය මුහුණ මත පදනම් වූ Automatic Rotation feature එකකි. ඔබ තිරය දෙස බලන බව හඳුනාගැනීමට එය ඉදිරිපස Camera එක භාවිතා කරන අතර එමගින් තිරයේ දිශානතිය වෙනස් කරයි.‌‌ ඔබ ඇඳේදි දුරකථනය භාවිතා කරන විට මෙය ප්‍රයෝජනවත් වනු ඇත. Landscape mode එකට අනවශ්‍ය Auto rotation ඉවත් කරයි. මක්නිසාද ඒවා තරමක් කරදරකාරී විය හැකි බැවිනි.

21. Double Tap Back Gestures

Google ආයතනය මගින් Android 12ත් සමඟ Double tap back gestures ගෙන එනු ඇත.‌‌ඔබ Pixel 5 දුරකථනයක් භාවිතා කරන්නේ නම් "Settings-> System-> Gestures".‌‌එය සක්‍රිය කරගත් පසු ඔබට Google Assistant open කිරීමට,Screenshots ලබා ගැනීමට,Media playback එක Control කිරීමට Recent Apps Switch එක Open කිරීමට හා Notification පරීක්ශා කිරීමට මෙම Double tap back gestures විශේෂාංගය භාවිතා කල හැක.


මෙම ලිපිය නිර්මාණය කිරීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය තුල පළවූ ලිපි ගණනාවක් ආශ්‍රිතව නිර්මාණය කර ඇත. මෙහි ඇති රූපයන්ද එම අඩවි වලින් ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න.