Samsung සමාගම විසින් සිය අනාගත Flagship Smartphonesවල කැමරා තාක්ෂණයේ ප්‍රධාන දියුණුවක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවට නව වාර්තාවක් පළ වනවා. ඒ අනුව Samsung Galaxy S27 Series එක සඳහා Global Shutter තාක්ෂණය සහිත සුවිශේෂී Camera Sensor එකක් හඳුන්වා දීමට නියමිත බව දක්වන්න පුලුවන්.
මෙම තාක්ෂණය, චලනය වන වස්තූන් ඡායාරූප ගත කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති අතර, එය Smartphones ඡායාරූපකරණයේ විශාලතම Upgrade එකක් ලෙස සලකන්න පුලුවන්.
Global Shutter තාක්ෂණය යනු කුමක්ද?
සාමාන්‍යයෙන් බොහෝ Smartphonesවල Camera එක සඳහා භාවිතා වන්නේ Rolling Shutters තාක්ෂණයයි. මෙහිදී, සංවේදකය රූපයක් ග්‍රහණය කරන්නේ පේළියෙන් පේළියට (Row-by-Row)ය. මේ හේතුවෙන්, ඔබ වේගයෙන් චලනය වන වස්තුවක් (ධාවනයේ යෙදෙන ක්‍රීඩකයෙකු හෝ කරකැවෙන රෝදයක්) ඡායාරූප ගත කළහොත්, රූපයෙහි විකෘති වීම් (Warping or Distortion) හෝ ඇද වීම් ඇති වනවා.
Global Shutter තාක්ෂණය මඟින් සියලුම pixels එකවර (Capturing all pixels at once) ග්‍රහණය කර ගනු ලබන අතර මෙහි ප්‍රතිඵලය වන්නේ චලනය වන වස්තූන් පවා විකෘති වීමකින් තොරව, ඉතා පැහැදිලි ලෙස ඡායාරූප කර ගැනීමට හැකි වීමයි.

සාම්ප්‍රදායිකව Global Shutter Sensor දක්නට ලැබෙන්නේ ක්‍රීඩා ඉසව් ඡායාරූප ගත කිරීම සඳහා භාවිතා කරන වෘත්තීය කැමරාවල හෝ තත්ත්ව පරීක්ෂාව සඳහා වන කාර්මික යෙදීම් (Industrial Applications) වලදීයි.
වාර්තා වන තොරතුරු අනුව මෙම නව Global Shutter Sensor එක 12MP ප්‍රමණයේ වනු අතර බොහෝ විට Samsung Galaxy S27 Series එක සඳහා මේ තාක්ෂණය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
Source: m.gsmarena.com








