Loading...
Samsung සමාගම විසින් 2021 වර්ෂයදී නව Exynos chipset මාදිලි 3ක් එලිදැක්වීමට සූදානම් වේ

Samsung සමාගම විසින් ඔවුන්ගේ Smartphones සදහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ Snapdragon හා Exynos Chipset වෙනවා. මේ Chipsetsවලින් Exynos Chipset එක Samsung සමාගම විසින්ම ඔවුන්ගේ Smartphones සදහා නිර්මාණය කරන Chipset එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්.

ඔබට මතක පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි ඔවුන්ගේ Exynos Chipset පෙලේ නවතම සමාජිකයා වගේම ඔවුන්ගේ ප්‍රථම 5nm chipset එක වෙන Exynos 1080 හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

මේ වසරේදි ඔවුන්ගේ Exynos Chipset පෙල සදහා නව Chipset 03 ක් හදුන්වා දිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එනම් Mid Range 800 Series Chipset එක, High End 1200 Series Chipset එක සහ Flagship 2200 Series Chipset ලෙස හදුන්වා දෙන්න පුළුවන්. මින් High End Flagship Chipset වෙන 1200 Series එක හා 2200 Series එකේ GPU එක සදහා AMD සමාගමේ RDNA Architecture තාක්ෂණය යොදා ගැනිමට බලාපොරොත්තු වෙන බවටත් තොරතුරු පල වෙනවා.

මිට අමතරව Exynos 2200 Chipset එක Android Smartphones සහ Laptops සදහා Version දෙකකින් එළිදැක්වීමටත් නියමිත වෙනවා.‌‌Laptop සදහා නිපදවිමට බලාපොරොත්තු වෙන Exynos 2200 Version එක මේ වසරේ තුන්වන හෝ හතරවන කාර්තුවලදි එළිදැක්වීමටත් නියමිතව පවතිනවා.

Samsung සමාගම හා ADM අායතනය විසින් GPU හා Graphic Processors වැඩි දියුණු කිරිම සදහා එක්ව කටයුතු කරමින් සිටිනවා. මේ නව Exynos Chipset පෙල නව GPU සමගින් ඉදිරියේදි නිකුත් විමට නියමිත වෙන අතර 2022 වසරේ Samsung Devices හරහා මේ Chipset එළිදැක්වෙනු ඇත.

Source : Gizmochina