Loading...
Samsung හි Tri Folding Device එක පිළිබඳව කරුණු නව පේටන්ට් බලපත්‍රයකින් නැවතත් කරලියට

තෙවරක් නැමිය හැකි display එකක් සහිත device එකක් පිළිබඳව Samsung සමාගම කටයුතු කරන බව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. දැන් ඔවුන්ගේ නව පේටන්ට් බලපත්‍රයේ සඳහන් කරුණු වලින් තවදුරටත් ඇඟවෙන්නේ ඔවුන් විසින් මෙය ඔවුන්ගේ ඉදිරි උපාංග සඳහා භාවිතා කිරීමට තවමත් සැලසුම් සකස් කරමින් සිටින බවයි.

LetsGoDigital වෙබ් අඩවියේ වාර්තාවකට අනුව දැක්වෙන්නේ, ලෝක බුද්ධිමය දේපල සංවිධානය වෙත Samsung සමාගම ඔවුන්ගේ Tri Folderble Device එකෙහි විස්තර ඉදිරිපත් කර ඇති බවයි.

එනම්, මෙම ලේඛන සියල්ලම පෙන්වා දෙන්නේ Samsung සමාගම විසින් මෙම Tri Folderble Device එක තැනීමට පැහැදිලිවම සැලසුම් කර ඇති බවයි. මෙම ජංගම දුරකථනය දිගහැරීමේදී බාධාවක් නොමැතිව දිග හැරිය හැකි Display තුනක් දක්වයි. තවද, මෙහි Display අතර Hinges (සරනේරු) දෙකක් ඇති අතර, එකක් ඇතුලට නැමෙන අතර අනෙක "Z" හැඩය සෑදීම සඳහා පිටතට නැමෙනවා. මෙම මාදිලිය S Pen සඳහා සහාය දැක්වීම, In Display Cam එක, HDMI Connector එක සහ තවත් බොහෝ දේ සමඟ පැමිණෙන බව වාර්තා වේ.

මේ වන විට Samsung Z Flip Device එකත් සමඟ, Samsung සමාගම Foldable Smartphone අංශයේ වෙළඳපොළ ප්‍රමුඛයා වනවා. එබැවින් Samsung සිය ස්ථානය පවත්වා ගැනීම සඳහා එහි පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වීම පුදුමයක් නොවේ.

Source: Gizmochina