Loading...
Samsung සමාගම විසින් Galaxy S21 FE සංස්කරණය එළිදැක්වීමට කටයුතු කරයි

Samsung සමාගම විසින් පසුගිය වසර එළිදැක්වු Galaxy S21 Series එකේ Fan Edition එක, නැතහොත් Galaxy S21 FE 5G Smart Phone එක ඊයේ දින නිල වශයෙන් එළිදැක්වනු ලැබුවා.

Design & Display

පසුගිය වසර නිකුත් වු Galaxy S21 Series එකේ Design එකම යොදා ගනිමින් මෙය නිර්මාණය කර තිබෙන අතර මේ සදහා Triple Camera Setup එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම මේ Design එක ඔස්සේ Galaxy S21 FE 5G Device එක සදහා Seamless පෙනුමක් ලැබි තිබෙන අතරම මෙය මිලදි ගැනිම සදහා Graphite, White, Lavander සහ Olive ලෙස Color Options හතරක් ලබා දි තිබෙනවා.

මේ සදහා අගල් 6.4ක Dynamic AMOLED 2X Display එකක් ලබා දි තිබෙන අතර එය 120Hz Display Refesh Rate එක සදහා සහය දක්වනු ලබන FHD+ Resolution එකෙන් යුතු Display එකක් වෙනවා. ඒ වගේම මේ Display එක 240Hz Touch Sampling Rate එකකින් ද යුතුයි.

Camera

Main Camera Setup එක සදහා Triple Camera Setup එකක් ලබා දි තිබෙන අතර එය 12MP IOS පහසුකම සහිත Main Sensor එකකිනුත් 12MP Ultra Wide Camera Sensor එකකිනුත් 3X Optical Zoom හැකියාව සහිත 8MP Telephoto Camera එකකිනුත් යුතු වෙනවා. selfie Camera එක සදහා සුපුරුදු පරිදි 32MP Sensor එකක් ලබා දි තිබෙනවා.

Processor & Storage

මෙයත් Galaxy S21 Series එක සදහා ලබා දී තිබු Qualcomm Snapdragon 888 Flagship Chipset එක මගින් බලගැන්වෙන අතර 6GB හෝ 8GB RAM Version සහිතව 128GB හෝ 128GB Internal Storage Option වලින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා.

Battery & Charging

Galaxy S21 FE Device එක සදහා 4500mAh Battery එකක් ලබා දි තිබෙන අතර එය Charge කිරිම සදහා 25W Wired Fast Charging පහසුකම හා 15W wireless Power Charging පහසුකමත් ලබා දි තිබෙනවා. මීට අමතරව මේ Device එක සදහා Smart Power Share Feature එකත් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

Other Features

ඒ වගේම මේ Device එක සදහා IP68 Water & dust Resistance පහසුකමත් ලබා දි තිබෙන අතරම Android 12 සමග One UI 4 Version එක ලබා දි තිබෙනවා. ඒ වගේම මේ සදහා 5G Connectivity එකත් ලබා දි තිබෙනවා.

Price

මෙහි 6GB RAM එකක් සහිත 128GB Internal Storage Device එක ඩොලර් 699ක පමණ මිලකටත්, 8GB RAM එකක් සහිතව 256GB Internal Storage එකෙන් සහිත Device එක ඩොලර් 769ක පමණ මිලකටත් Samsung සමාගම විසින් එළිදක්වා තිබෙනවා.

Source: Samsung