Loading...
Samsung සමාගම විසින් තම Android devices සඳහා වසර 5ක software support එක ලබා දීමට සූදානම් වේ

Samsung සමාගම කියන්නේ Android Smart වෙළෙඳපොල දැවැන්තම සමාගම ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ඔවුන් විසින් ඔවුන්ගේ Devices සදහා අතිවිශිෂ්ඨ සේවාවක්ද ලබා දෙනු ලබනවා. ඒ අනුව ඔවුන් විසින් මීට පෙර ඔවු⁣න්ගේ Devices සදහා වසර 04ක් දක්වා Security Updates ලබා දෙන බවත් දැනුම් දෙනු ලබුවා. ඒ වගේම මේ වෙන විට Samsung Flagship Series හා Galaxy A Series එක සදහා ඔවුන් විසින් නියමිත වෙලාවට නියමිත පරිදි Update ලබා දෙමින් ඉතා අතිවිශිෂ්ඨ සේවාවක් ලබා දෙමින් සිටිනවා.

මීට අමතරව Samsung සමාගම විසින් ඔවුගේ තෝරාගත් Galaxy Devices කිහිපයක් සදහා එනම් Galaxy S Series, Galaxy Note Series, Galaxy Z Series, Galaxy A Series හා Galaxy Tab S Series Devices සදහා වසර තුනක් දක්වාත් Software Update ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කල අතර මේ වෙන විට Samsung සමාගම විසින් තෝරාගත් විශේෂ Devices කිහිපයක් සදහා වසර 05ක් දක්වා Security Update ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඔවුන් විසින් Samsung Enterprise Model 10ක් සදහා මේ ආකාරයට වසර 05ක් දක්වා Security Updates ලබා දෙනු ඇත.

  1. Galaxy S21 Ultra‌‌
  2. Galaxy S21+‌‌
  3. Galaxy S21‌‌
  4. Galaxy S20 Ultra‌‌
  5. Galaxy S20+‌‌
  6. Galaxy S20
  7. Galaxy Note 20 Ultra‌‌
  8. Galaxy Note 20
  9. Galaxy XCover5‌‌
  10. Galaxy Tab Active 3

Enterprise
Edition
Devices**

Security Maintenance
Release (SMR)

Product
Lifecycle
(PLC)*

Period*

Cadence***

S21 5G

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

S21+ 5G

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

S21 Ultra 5G

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

A32 5G

Minimum 4 Years

4 Years Quarterly

2 Years

XCover5

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

S20

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

S20+

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

S20 Ultra

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

Note20

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

Note20 Ultra

Up to 5 Years

4 Years Monthly +
1 Year Quarterly

2 Years

Tab Active 3

Up to 5 Years

5 Years Quarterly

3 Years

Galaxy Tab Active 3 සදහා වසර 05 පුරාවටම Quarterly Security Updates ලැබෙනු ඇති අතර අනෙක් Galaxy S, Note හා Tab Devices සදහා වසර 04ක් දක්වා Monthly Security Updates ලැබෙනු ඇති අතර පස්වෙනි වසර සදහා Quarterly Security Updates ලැබෙනු ඇති බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Sources: Samsung, Gizmochina