Loading...
අඟල 1ක ප්‍රමාණයකින් යුතු Camera Sensor එකකින් සහ 240Hz Display සමඟින් එලි දැක්වූ Sharp Aquos R6

ජපානයේ SHARP සමාඟම ඔවුන්ගේ නවතම Smartphone එක වන Sharp Aquos R6 එළිදක්වූවා. Sharp සමාඟම Smartphone ලෝකය තුළ එතරම් ජනප්‍රිය නොවූවත් රුපවාහිනී යන්ත්‍ර ඇතුළු ගෘහස්ථ විදුලි උපකරණ නිපදවීමේදී ප්‍රමුඛයෙක් වෙනවා.

මුලින්ම අපි මේ Sharp Aquos R6 එකේ Display එක ගැන කතා කරමු. අඟල් 6.6 ක් වන මේ Display එක 1Hz - 240Hz Adaptive refresh rate සහිත ලොව ප්‍රථම WUXGA+ IGZO OLED display එක වෙනවා. මේ 1Hz-240Hz adaptive refresh rate එක smooth user experience එකක් සඳහා වගේම බලය ඉතුරු කරගැනීමටත් වැදගත් වෙනවා. 1,260 x 2,730px resolution එකක් සහිත මේ display එකේ peak brightness අගය 2000 nits වෙනවා. දැනට වෙළඳපොලේ තියෙන Smartphones අතරින් හොඳම Display එකක් තියෙන Phone එකක් විදිහට මේ Sharp Aquos R6 හඳුන්වන්න පුලුවන්.

ඊලඟට මේකෙ Under display fingerprint sensor එක විදිහට තියෙන්නෙ 2021 CES Innovation සම්මානය දීනාගත්ත Qualcomm සමාගමේ 3D Sonic Max Sensor එක. මේ 3D Sonic Max Sensor එක මුල්ම 3D Sonic sensor එකට වඩා 17 ගුණයකුත් Gen 2 sensor එකට වඩා 9 ගුණයකුත් විශාල වෙනවා.

දැන් අපි කතාකරමු මේ Aquos R6 එකේ වැදගත්ම අංගය වන කැමරාව ගැන. මේකේ විශේෂත්වය වෙන්නෙ මෑත ඉතිහාසයේ 1 inch Sensor එකක් භාවිතා කරපු පළමු Smartphone එක මෙය වීමයි. 1 inch Sensor සහිත කැමරාවක් සමගින් මුලින්ම Smartphone එකක් විදිහට ආවෙ Panasonic Lumix CM1 එක. ඒ 2014 දි. මෑත කාලීනව පැමිණි smartphone අතරින් විශාලම sensor එකක් සහිත Camera එකක් තියෙන්නෙ Xiaomi Mi 11 Ultra එකට. ඒ 1/1.12 inch sensor එකක්.

Leica සහ Sharp සමාගම් දෙක එකතුවෙලා නිර්මාණය කරන මේ Camera setup එකේ තියෙන්නෙ Leica Sumicron 7P lens (f/1.9) එකක්. Pixel අගය 20MP වන Main camera එකේ EIS පහසුකමද ඇතුලත් වෙනවා. ඒ වගේම ප්‍රධාන කැමරාවට අමතරව ToF sensor එකක්ද ඇතුලත් වෙනවා. ඒ වගේම 12MP Selfie කැමරාවක්ද ඇතුලත් වෙනවා.

Android 11 ධාවනය වෙන මේ Sharp Aquos R6 Smartphone එක බලගැන්වෙන්නේ Adreno 660 GPU සමඟින් එන Snapdragon 888 5nm SoC එක මගින්. ඒ සඳහා 5000mAh battery එකකින් බලය සැපයෙනවා. ඒ වගේම මේ සඳහා IPX8 water and dust resistance certification එකද තිබෙනවා. කෙසේ වුවත් මෙහි මිල පිලිබඳව කිසිඳු සඳහනක් තවම වාර්තා වී නැහැ.

Source: Gizmochina, GSMArena, The Verge, Qualcomm