Loading...
Shazam සඳහා Facebook Sign-in option එක ඉවත් කරයි

Apple ලා Shazam එක ගත්තෙ අවුරුදු තුනකට කලින්. ඒ ගත්තු ගමන්ම company එක කරේ app එක තුල තිබූ සේරම advertising සහ third party SDKs ටික remove කිරීමයි. මේවා ඔක්කොම හොද steps users ලව app එක හරහා track වීම prevent කරගන්න. දැන් reportedly company එක Facebook sign in option එකත් අයින් කරන්න යනවා Android app එකෙන්.

9to5Google විසින් කරපු Shazam APK teardown එහෙකදි අපිට app code එක තුල දකින්න ලැබුනු strings වලට අනුව Facebook login option එක අපිට ඉක්මනටම අයින් වෙනවා දකින්න පුලුවන් වෙයි වගේ.

පල්ලෙහා තියෙන strings මේ change එක ගැන hint එකක් දෙනවා.

<string name="signed_up_using_facebook">Signed up using Facebook?</string>

<string name="shazam_accounts_created_with_facebook_not_supported">Shazam accounts created with Facebook are no longer supported. Create a new account to back up your music.</string>

මේ change එක කවදා වෙයිද කියලා නම් කියන්න දන්නෑ නමුත් මෙකෙන් පස්සෙ users ලට Shazams import කරගන්න පුළුවන් වෙනවලු old accounts වලින් new එකට ඒ හින්දා Facebook අයින් උනා කියලා users ලට දැනෙන එකක් නෑ.