Loading...
SLT Anytime data plans සඳහා අනුමැතිය ලබා දුන් බව TRCSL විසින් Android වැඩකාරයෝ වෙත තහවුරු කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන විසින් තමන්ගේ දැනට පවතින සාමාන්‍ය අන්තර්ජාල පැකේජ වලට අමතරව, තම පාරිභෝගිකයන් හට නව Anytime package ලබා දීම සඳහා අනුමැතිය ලබා ගැනිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබා දුන්නේයැයි ලියවිල්ලක් අන්තර්ජාලය පුරාවට සැරිසැරීම නිසා ඒ පිළිබඳව අප ඔබ වෙත මීට පෙර දිනකදී ඒ ගන පුවතක් ගෙන ආවත් එම පුවත තහවුරු කල එක නොවූ බව අප විසින් එහි සටහන් කල තිබුනා.

කෙසේ වුවත් එම ලිපිය ජූලි 22 දින පල කරන විටත් අප විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වෙන්ව ඇති පිටුව වෙත ගොස් ඒ සඳහා පත් කල ඇති නිලධාරිනිය වන සුජීවා රොද්‍රිගෝ මහත්මිය වෙත email පණිවිඩ කිහිපයක් ඔස්සේ මෙය තහවුරු කරගැනීමට පණිවිඩයක් යැවූ අතර එයට අද දින පිළිතුරු ලැබුණි.

එම පණිවිඩිය සුජීවා රොද්‍රිගෝ මහත්මිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ Competition devisionහි සහය අධ්‍යක්ෂක දූරය හොබවන නිශාන්ත පලිහවඩන මහතා වෙත යොමු කල අතර ඔහු විසින් එයට පිළිතුරු සපයා සිටින ලදී. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් එම පැකේජ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

නිශාන්ත පලිහවඩන මහතා විසින් අදාල පැකේජ සඳහා TRCSL මඟින් අනුමැතිය ලබා දී ඇති බව තහවුරු කරමින් එවූ පිලිතුරු ඊමේල් පණිවුඩය

ඒ අනුව නුදුරේදීම ශ්‍රී ලාංකිකයන් හට ශ්‍රී ලංක ටෙලිකොම් ආයතනය මඟින් Anytime data package අත්විඳිය හැක. ඒ අනුව අපට ලැබෙන Anytime data packages පහත පරිදි වේ.

ඉහත රූපය අපැහැදිලි නම් පහත ලින්ක් එක හරහා ඔබට පැහැදිලි PDF එක බාගත හැක.

Download - http://www.trc.gov.lk/images/pdf/TRC-SLT-PRO-20-04.pdf

ඒ කෙසේ වෙතත් මේ ආකාරයෙන් අනුමැතිය ලැබී ඇති Anytime data packages නම් දැන් පවතින ඒවාට වඩා ලාභදායක නොවන ඒවා බව Android වැඩකාරයෝ අපගේ පෞද්ගලික අදහසයි. නමුත් පවතින පැකේජ වලම සිටිනවාද, එසේත් නැති නම් නව පැකේජ වෙත මාරු වෙනවාද යන්න ඔබ තීරණය කල යුතුය.