Loading...
SLT-MOBITEL සමාගම විසින් නව Fiber පැකේජයන් කිහිපයක් හඳුන්වා දීමට සුදානම් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Fiber අන්තර්ජාල සපයන්නා වන SLT-MOBITEL සමාගම විසින් නව Speed Base පැකේජයන් හතරක් එළිදැක්වීමට සුදානම් වන අතර ඔවුන් මේ වන විටත් එම පැකේජයන් සියල්ල සඳහාම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මේ නව පැකේජයන් රු.7,900.00 සිට රු.39,000.00 දක්වා වු මිල පරාසයක් දක්වා විහිදි යන අතර 100Mbps සිට 1000Mbps දක්වා වු Download Speed එකකුත් ලබා ගත හැකියි.

Image Source- TRCSL

Plan 1

මාසික ගාස්තුව රු.7,990.00 පමණ වන මේ පැකේජය ඔස්සේ 100Mbps Download Speed එකකුත්, 50Mbps Upload Speed එකකුත් ලබා ගත හැකියි. මේ Speedවලින් යුතුව මාසයක කාලයක් සඳහා භාවිත කිරීමට ඔබට 1000GB Data ප්‍රමාණයක් හිමි වනවා. කෙසේ වෙතත් මේ Data ප්‍රමාණය අවසන් වු පසු පැකේජයේ Speed එක 2Mbps දක්වා සීමා වනවා.

එමෙන්ම මේ පැකේජය සමඟින් Unlimited Voice පහසුකමත් හිමි වනවා.

Plan 2

මාසික ගාස්තුව රු.14,900.00 පමණ වන මේ පැකේජය ඔස්සේ 300Mbps Download Speed එකකුත්, 100Mbps Upload Speed එකකුත් ලබා ගත හැකියි. මේ Speedවලින් යුතුව මාසයක කාලයක් සඳහා භාවිත කිරීමට ඔබට 2000GB Data ප්‍රමාණයක් හිමි වනවා. කෙසේ වෙතත් මේ Data ප්‍රමාණය අවසන් වු පසු පැකේජයේ Speed එක 5Mbps දක්වා සීමා වනවා.

එමෙන්ම මේ පැකේජය සමඟින් Unlimited Voice පහසුකමත් හිමි වනවා.

Plan 3

මාසික ගාස්තුව රු.27,900.00 පමණ වන මේ පැකේජය ඔස්සේ 600Mbps Download Speed එකකුත්, 200Mbps Upload Speed එකකුත් ලබා ගත හැකියි. මේ Speedවලින් යුතුව මාසයක කාලයක් සඳහා භාවිත කිරීමට ඔබට 4000GB Data ප්‍රමාණයක් හිමි වනවා. කෙසේ වෙතත් මේ Data ප්‍රමාණය අවසන් වු පසු පැකේජයේ Speed එක 5Mbps දක්වා සීමා වනවා.

එමෙන්ම මේ පැකේජය සමඟින් Unlimited Voice පහසුකමත් හිමි වනවා.

Plan 4

මාසික ගාස්තුව රු.39,900.00 පමණ වන මේ පැකේජය ඔස්සේ 1000Mbps Download Speed එකකුත්, 300Mbps Upload Speed එකකුත් ලබා ගත හැකියි. මේ Speedවලින් යුතුව මාසයක කාලයක් සඳහා භාවිත කිරීමට ඔබට 5000GB Data ප්‍රමාණයක් හිමි වනවා. කෙසේ වෙතත් මේ Data ප්‍රමාණය අවසන් වු පසු පැකේජයේ Speed එක 5Mbps දක්වා සීමා වනවා.

එමෙන්ම මේ පැකේජය සමඟින් Unlimited Voice පහසුකමත් හිමි වනවා.


මේවාගේ කොන්දේසී සහ නියමයන් පහත ආකාර වනවා.

Image Source- TRCSL

මේ පැකේජයන් සියල්ලම ලබා ගත හැකි ආකාරය ඉදිරි දින කිහිපය ඇතුළත් SLT-MOBITEL සමාගම විසින් නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.trc.gov.lk