Loading...
SLT Anytime packages ගැන TRCSLහි approval notice එකක් හරහා වාර්තා වේ

අද දිනයේදී නිල නොවන මාර්ගයකින් ලැබුණු TRCSLහි Tariff Approval No: TRC/SLT/PRO/20/04 අංකය දරණ Approval Tariff ලියවිල්ල හරහා ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නෙක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් anytime data package සඳහා ඉල්ලුම් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය TRCSL හෙවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඉහත කී අනුමැති අංකය ඔස්සේ ලබා දී ඇති බව වාර්තා විය.

එම අනුමැති ලිපියට අනුව නවතම Anytime පැකේජ වල මිල ගණන් සහ ලබාදෙන දත්ත ධාරිතාවය සමඟ ලබාදෙන වේගය පහත පරිදි වේ.

ඉහත රූපය පැහැදිලි නොමැති නම් ඔබට අප විසින් ඉහත document එකේ PDF file එක download කරගත හැක.

ඊට අමතරව මේ පිළිබඳ Redditහි Sri Lanka community එක තුලද කතා බහට ලක්වී තිබුනේ පහතාකාරයෙනි.

SLT introducing all new “Anytime data packages” ! from srilanka

මෙම ලියවිල්ල ලැබුණු පසු මුලින්ම අප කලේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වෙන්ව ඇති පිටුව වෙත ගොස් ඒ සඳහා පත් කල ඇති නිලධාරිනිය වන සුජීවා රොද්‍රිගෝ මහත්මිය වෙත email පණිවිඩ කිහිපයක් ඔස්සේ මෙය තහවුරු කරගැනීමට පණිවිඩයක් යැවීමයි. අද දහවල් සිට මේ වනතුරුත් අපට එම email පණිවිඩ සඳහා පිලිතුරු නොලැබුණි.

ඒ කෙසේ වෙතත් මේ ආකාරයෙන් අනුමැතිය ලැබී ඇතැයි සැලවී ඇති Anytime data packages නම් දැන් පවතින ඒවාට වඩා ලාභදායක නොවන ඒවා බව Android වැඩකාරයෝ අපගේ අදහස. මෙය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වේදැයි අපි බලාගෙන ඉමු.