ශ්‍රී ලාංකීය සන්නිවේදන ක්ෂේත්රයේ දැවැන්තයකු වන SLT-MOBITEL සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට 5G-A (5G-Advanced) සාර්ථකව පසුගියදා අත්හදා බැලුවා.
පසුගිය ජනවාරි 12 වෙනිදා SLT-MOBITEL සමාගම විසින් 5 Gbpsට අධික වේගයකින් යුතු 5G-A තාක්ෂණය ඔවුන්ගේ කොළඹ 08 පිහිටි මුලස්ථානයේදී අත්හදා තිබෙන අතර මෙය ZTE සමාගමේ අධිතාක්ෂණික Radio උපකරණ සහ 5G-A සඳහා සහාය දක්වන Xiaomi 14 Ultra Smartphone එකේ අධාරයෙන් සිදු කර තිබෙනවා. මේ සඳහා ඔවුන් C-Band Spectrum එක භාවිත කරමින්, 3CC Carrier Aggregation, Massive MIMO සහ 1024QAM Modulation තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙනවා.
මෙය ඉතා නුදුරේදීම සෞඛ්‍ය, ප්‍රවාහනය, විනෝදාස්වාදය සහ ස්මාර්ට් නගර වැනි විවිධ ක්ෂේත්රයන් සඳහා ඉතා සාර්ථකව යොදා ගත හැකි වනවා.
Source: Mobitel