Loading...
SLT usage meter එකේ පෙන්වන්නේ නැති Night time data ප්‍රමාණය බලාගන්නේ කොහොමද?

ලංකාවේ ISPලාගේ, එහෙමත් නැත්තම් Internet service providersලාගෙන් වෙළඳපලේ වැඩි කොටසක ආධිපත්‍ය පතුරවාගෙන ඉන්න කෙනා තමයි SLT, එහෙමත් නැත්තම් Sri Lanka Telecom කියන්නේ. ඉතිං හැම ISP කෙනෙක්ම දෙනවා වගේ SLT සමාගමෙනුත් අපිට දීලා තියෙනවා මාසෙකට අදාල usage එක මැන ගන්න meter එකක්.

ඒත් ඔතනදි ප්‍රශ්නස්‍යක් එනවා. පොඩ්ඩක් හොඳට බලමු පල්ලෙහා ඉමේජ් එක. SLT use කරන අය නම් දැනටමත් දන්නවා. ඒත් අපි බලමුකෝ මොකක්ද කියල. නොදන්න අයත් ඉන්නවනේ.

හොඳින් බැලුවොත් පෙනෙයි, මෙතනදි ඔයාට කොයිම විදිහකින්වත් ඔයාගේ පැකේජ් එකට අදාලව තියෙන Night time data, එහෙමත් නැත්තම් රාත්‍රී 12 ඉඳලා උදෑසන 8 වෙනකන් ලබාදෙන ඩේටා ප්‍රමාණය පෙන්නන්නේ නෑ.

මේකට විසඳුමක් විදිහට තඹරු විජේසේකර විසින් SLT use කරන අයට chromium base browser වලට සහ Firefox browser එකට extension එකක් ගෙනල්ලා තියෙනවා. මේ extension එක දැම්මට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ night time data usage එක වෙනම බලාගන්න.

පහලින් තියෙන image එකෙන් පුලුවන් ඔයාලට extension එක දැම්මට පස්සේ night time data usage එක පෙන්නන විදිහ බලාගන්න.

මේකෙදි අපිට බලාගන්න පුළුවන්  Your current average usage එක ඒ කියන්නේ මාසෙ මුල සිට අද දක්වා දවසකට පාවිච්චි කරපු සාමාන්‍යය අගය වගේම  Amount to be used කියන ගාණ. ඒ කියන්නේ අද පටන් හරියට පාවිච්චි කළොත්, ඩේටා පැකේජ් ඉතිරි නොවී, කලින් ඉවර නොවී තිතට පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා.

ඔයාට මේ extension එක Chrome Webstore එක හරහා ඔයාගේ Google Chrome Browser එකට හරි chromium base කරගෙන හදල තියෙන අළුත් Microsoft Edge browser එකට install කරගන්න පුළුවන්. ඒ වගේම Firefox එකටත් Firefox Addons site එකෙන් දාගන්න පුළුවන්. පල්ලෙහයින් ඒ ලින්ක් වෙනම දාන්නම් ඔයාලගේ පහසුවටත්.

ඒ එක්කම තඹරු විසින් මේ extension එකේ code එක GitHub repository එකකට දාල තියෙනවා. ඉතිං කැමති අයට පුළුවන් මේකට දායක වෙලා තම වැඩි දියුනු කරගන්න උදව් කරන්න. SLT එකෙන් කරන වෙන්ස කම් වලට අදාලව තඹරු මේකට updates කරන නිසා අපිඅට මේක දිගටම පාවිච්චි කරන්න පුළුවන්.

Download - Chromium Based Web browsers | Firefox

කැමති අයට පල්ලෙහා තියෙන GitHub Repository එකෙන් contribute කරන්න පුළුවන්

thambaru/night-time-data-on-slt-usage-meter
A Chrome extension that displays Night Time Data usage on SLT Usage Meter - thambaru/night-time-data-on-slt-usage-meter