Loading...
Snapdragon චිප් වල දුර්වලතාවයක් හේතුවෙන් බිලියනයකට අධික දුරකථන අවධානමේ

Android උපාංග බිලියනයක් පමණ අවධානමේ හෙළමින් Qualcomm Snapdragon චිප් වල ඇති ආරක්ෂක අඩුපාඩුවක් සොයා ගැනීමට සමත් වී ඇත. එයත් සමග Snapdragon චිප් වල ඇති 400කට අධික ආරක්ෂක අඩුලුහුඬුකම් තොගයක් සොයාගෙන ඇත. මෙම vulnerabilities හරහා එම Android උපාංග ඔත්තු බැලීමේ මෙවලම් බවට පත් කළ හැකි යැයි සදහන් වේ.

මෙම දෝෂය සහිත උපාංගයකින් දුරකථනය hack කිරීම සඳහා සැකසූ වීඩියෝවක් හෝ කිසියම් "චිපය මඟින් හැසිරවිය යුතු" ගොණුවක් බාගත කළ විය මෙම දෝෂය මතුවන බව අනාවරණය වී ඇත. එමෙන්ම හානිදායක අරමුණෙන් තැනූ Apps install කිරීමෙන් ද මෙම දෝෂය මඟින් දුරකථනය අනතුරට පත් වේ. විශේෂත්වය නම්, කිසිම විශේෂ Permission එකක් නොමැතිව වුවද අදාළ apps වලට දුරකථනය යටත් කරගත හැකි වීමයි.

අදාළ හැකර් වරුන්ගේ ග්‍රහණයට ඔබ හසුවූ පසු, ඔබ ආගිය තැන් පරීක්ෂා කිරීමටත්, දුරකථනය හරහා ඔබ අවට පරිසරයේ ශබ්ද වලට සවන් දීමට සහ ඔබේ දුරකථනයේ ඇති ඡායාරූප, වීඩියෝ ආදී සංවේදී දත්ත ලබාගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබේ. එමෙන්ම දුරකථනය ප්‍රතිචාර නොදක්වන තත්වයට පත් කිරීමටත්, අදාළ හානිදායක මෘදුකාංග මෙහෙයුම් පද්ධතියෙන් සඟවා ඒවා ඉවත් කිරීමට නොහැකි වන සේ තැබීමටත් හැකියාව ඇත. Snapdragon යනු System on a Chip ආකාරයේ පද්ධතියකි.

මෙම දෝෂ සඳහා විසඳුමක් ලෙස Qualcomm සමාඟම මගින් මෘදුකාංග ලබා දී ඇතත්, තවමත් ඒවා Android මෙහෙයුම් පද්ධතියට හෝ කිසිදු Android උපාංගයකට එක් කොට හෝ නොමැත. Android මෙහෙයුම් පද්ධතිය අයත් Google සමාඟම විසින් අදාළ විසඳුම් Android වෙත ඉදිරියේදී එක් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වුවත් Google සහ Qualcomm අතර සම්බන්ධීකරණයේ ගැටළු මතුව ඇත.

Qualcomm සමාඟමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධව සොයා බලමින් පවතින බවත්, දුරකථන නිෂ්පාදක සමාඟම් හා සම්බන්ධ වී මේවාට විසඳුම් සෙවීමට කටයුතු කරන බවත් ය. මෙම තාක්ෂණික දෝෂය නිසා අනතුරට භාජනය වූ දුරකථනයක් පිළිබඳව තවමත් වාර්තා වී නොමැති බව සහ Qualcomm Snapdragon උපාංග භාවිතා කරන Android පරිශීලකයන් හට Google Play Store වැනි විශ්වාසවන්ත මූලාශ්‍ර වෙතින් පමණක් Apps ලබාගන්නා ලෙස ද පවසා ඇත.

ලොවපුරා ඇති ස්මාට් දුරකථන වලින් 40% ක් වැනි අගයක් Snapdragon චිප මත ක්‍රියාත්මක වේ. ඇමරිකාවේ නම්, එය 90% ක් පමණ වේ. මෙම දෝෂ වලින් දුරකථන ආරක්ෂා කර ගැනීමට පිළිපැදිය යුතු නියමාකාරයේ ක්‍රියාපිළිවෙතක් තවමත් නැත.

Snapdragon චිප සහිත දුරකථන භාවිතා කරනා පිරිස ඉතා ප්‍රවේශමෙන් ඔබට අවශ්‍ය Apps තෝරාගන්නා ලෙසත්, වීඩියෝ, ගීත වැනි දේ වුවත් ඔබ හොඳින්ම විශ්වාස කරන මූලාශ්‍ර වලින් පමණක්ම ලබාගන්නා ලෙසද "Android වැඩකාරයෝ" වන අප විසින් යෝජනා කරන්නෙමු.

Source - ARS Technica