එළඹෙන වසරේ ජනවාරි මාසයේදී පමණ එළි දැක්වීමට නියමිතව පවතින Samsung සමාගමේ Premium Smartphone Series එක වන Galaxy S25 Series එක පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ අනුව ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා S25 Series එකේ සිට Plus මාදිලිය අතහැර දැමීමට Samsung සමාගම සුදානම් බව සහ මේ Series එකේ Camera Setup එකේ Ultra Wide Camera එක පමණක් Upgrade වනු ඇති බවත්.
මේ වන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Galaxy S25 Series එක Snapdragon සහ Samsung Exynos Chipsets දෙකෙන්ම බලගැනුවෙනු ඇති බව කියන්න පුලුවන්. ඒ අනුව Samsung සමාගම විසින් වෙළදපොලට Qualcomm Snapdragon Chipset එකෙන් සහ Exynos 2500 Chipset එකෙන් යුතුව Galaxy S25 Devices නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
එම තොරතුරුවලට අනුව බොහෝ විට යුරෝපියානු කලාපය සඳහා Exynos Chipset එකෙන් සමන්විත Devices ද අනෙක් කාලාපයන් සඳහා Snapdragon 8 Elite Chipset එකෙන් සමන්විත Devices ද නිකුත් වනු ඇති බව දක්වන්න පුලුවන්.
කෙසේ වෙතත් තවමත් මේ බව නිල වශයෙන් Samsung සමාගම විසින් තහවුරු කර නොමැති අතර මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරි සති කිහිපය තුළ ඔබ වෙත ගෙන ඒමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.
Source: www.sammobile.com www.gsmarena.com browser.geekbench.com