Loading...
SONY සමාගම සහ TSMC සමාගම එක්වී chipset නිපදවීම සඳහා සූදානම් වේ

ලොව විශාලතම කොන්ත්‍රාත් චිප් නිෂ්පාදකයා වන තායිවානයේ TSMC  ජපානයේ චිප් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා SONY සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බවට පවසන "Nikkei" රොයිටර් පුවත් වාර්තා කලා. එසේම ඒ සඳහා ජපන් යෙන් බිලියන 800 ක මුදලක් රජය ගෙවා ඇති බවත් වාර්තාවෙහි වැඩි දුරටත් සඳහන් කලා.

මෙම කර්මාන්ත ශාලාව මගින් ගෝලීය චිප් හිඟයට මුහුණ දී ඇති Automobile , Camera Image Sensor ඇතුළ අනෙකුත් නිෂ්පාදන සඳහා semiconductors සපයන කරන අතර 2024 වන විට නිෂ්පාදනය ආරම්භ කරන බව "Nikkei" වැඩි දුරටත් පැවසීය.

පැහැදිලිවම චීනයේ දැඩි ඉල්ලුම යටතේ තායිවානයේ චිප් සෑදීමේ හැකියාව අඩාල වීම ගැන TSMC දැඩි කනස්සල්ලට පත්ව සිටී.

එසේම ගෝලීය චිප් හිඟය හේතුවෙන් Video Gaming Console නිෂ්පාදනය අඩාල වී ඇති අතර SONY, Microsoft සහ Nintendo සමාගම් වලට  දැඩි බලපෑම් එල්ල වී ඇත. Graphic Card නිපදවීමට ද බාධා එල්ල වී ඇත.

පසුගිය සතියේ Xbox හි ප්‍රධානියා වන Phil Spencer පවසා සිටියේ 2022 දක්වා Xbox Series X සහ S මාදිලියේ Video Gaming Console හිඟය පවතින බවයි . පසුගිය මාසයේදී චිප් නිෂ්පාදකයෙකු වන Toshiba ආයතනය  ද පවසා ඇත්තේ අවම වශයෙන් ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා චිප් සැපයුම උපරිම ධාරිතාවයෙන් යුතුව සිදු කල යුතු වන බවයි.

SONY Interactive Entertainment හි ප්‍රධාන විධායක නිලධාරි Jim Ryan රොයිටර් පුවත් සේවයට කියා සිටියේ සමාගමට Play Station 5 සඳහා වූ ඉල්ලුම සපුරාලීමට යම් කාලයක් ගතවනු ඇති බවත්, චිප් හිඟය  නිසැකවම ඔවුන් මේ වන විට මුහුණ පා ඇති ප්‍රධානතම අභියෝගය බවයි.

Source: Retuers, Nikkei Asia