Loading...
Sony සමාගමේ පළමු 5G ජංගම දුරකතනය ලෙස Sony Xperia Pro ඇමරිකා එක්සත් ජනපදයේදී නිකුත් කිරීමට කටයුතු කරයි
Sony Xperia Pro
$2,490.00
Brand: Sony
Category: Mobiles
  • Processor: Qualcomm SM8250 Snapdragon 865
  • RAM: 12 GB
  • Storage: 512 GB
  • Display: 6.5 inches
  • Camera: Quad Camera
  • Battery: Li-Ion 4000 mAh

Sony සමාගමේ පළමු 5G Smart Phone එක විදිහට පසුගිය දිනක Sony Xperia Pro Smart Phone එක එළිදැක්වුණා. ඒ වගේම Premium Smart Phone එක Professional Userලා ඉලක්ක කර නිපදවු Flagship Smart Phone එකක් විදිහටත් හදුන්වන්න පුළුවන්.

ඒ අනුව මේ Smart Phone එකට අනෙක් බොහෝ Smart Phoneවල දක්නට නොලැබෙන Port එකක් Sony ආයතනය විසින් ලබා දි තිබෙනවා. ඒ් මේ Sony Xperia Pro Smart Phone එක External Camera Monitor එකක් ලෙස භාවිත කල හැකි වෙන පරිදි HDMI Port එකක් ලබා දිමෙනුයි. මේ මගින් Camera වැනි Professional Devices සමග ඉතා පහසුවෙන් මේ Smart Phone එක සම්බන්ධ කල හැකි වෙනවා.

එමෙන්ම Sony සමාගමේ පළමු 5G Smart Phone එක වෙන මේ Device එකෙන් ඉතා ඉක්මනින් Files Upload කිරිමේ හැකියාව වගේම ඉහල ගුණාත්මකභාවයෙන් යුතු Live Video Stream කිරිමේ හැකියාව ද පවතිනවා. සරලවම කියනව නම් මේ Sony Xperia Pro Smart Phone එක Professional Userලාගේ භාවිතය සදහාම නිපදවු Smart Phone එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්.

Sony සමාගමේ නවතම Smart Phone එක වෙන මේ Sony Xperia Pro Smart Phone එක අගල් 6.5ක OLED Display එකකින් සමන්විත වෙනවා. මෙය 21:9 Aspect Ratio එක වගේම 3840 × 16644 Pixels Resolution එකකින් යුතු 4K HDR CinemaWide™ Display එකක් වෙනවා.

මේ Device එක Professional Userලා සදහාම නිපදවු Smart Phone එකක් නිසා මේකේ Camera Setup එකත් ඒ Professional Userලාට ගැලපෙන මට්ටමකින් තියෙන්නම ඕන. ඒ අනුව 12MP වු Camera Sensors තුනකින් හා 0.3MP වු Depth Sensor එකකින් යුතු Quad Camera Setup එකක් මේ Smart Phone එකේ බලා ගන්න පුළුවන්. Wide, Telephoto හා Ultrawide කියන Lens තුනටම 12MP Sensors වගේමත් Sony සමාගම සුපුරැදු පරිදි ZEISS® Quality lenses මේ Smart Phone එක සදහා ලබා දි තිබෙනවා.

මිට අමතරව Panorama, HDR හා Eye-tracking Features ලබා දි තිබෙනවා. Front Camera එක සදහා 8MP Wide Lens එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම මේ Smart Phone එක සතුව 4K 60fps HDR Video Stream කිරිමේ හැකියාව පවතිනවා.

මේ Smart Phone එක Qualcomm Snapdragons 865 Processor එකෙන් බලගැන්වෙන අතර Android 10 Operating System එකෙන් සමන්විත වෙනවා. ඒ වගේ මේ Smart Phone එක 12GB RAM එකක් යුතුව 512GB Internal Storage එකක් සහිතව ලබා ගන්න පුළුවන්.

Black Color එකෙන් පමණක් මිලදි ගැනිමට හැකියාව ඇති මේ Smart Phone එකේ 21W Fast Charging Capability එක සහිත Non Removable 4000 mAh Li-Po Battery එකක් ලබා දි තිබෙනවා. මිට අමතරව NFC, USB Type C 3.1, USEB On-The-Go, Micro HDMI, GPS with A-PGS, GLOANASS හා Bluetooth 5.1 වගේම Side Mounted Fingerprint Sensor එකක් සමග Accelerometer, Gyro, Proximity, Barometer, Compass හා Color spectrum කියන Sensors ලබා දි තිබෙනවා.

ඒ වගේම මේ Smart Phone එකට විශේෂිත වු HDMI Input එක Device එකේ පහල මැද කොටසේ ස්ථානගත කර තිබෙන අතර මේ නිසා USB-C Port එක මදක් වම් පසට බර වි තිබෙනවා. Sony සමාගම පවසන ආකාරයට 4K 60fps දක්වා වු HDR Video Stream කිරිම සිදු කල හැකි අතරම HDMI Output එකක් සහිත ඕනැම Camera එකක් සදහා External Camera Monitor එකක් විදිහට භාවිත කරන්න පුළුවන්.

මිට අමතරව Sony Xperia Pro Smart Phone එක Sub-6GHz හා mmWave 5G සදහා Support කරනවා. Sony සමාගම පවසන ආකාරයට මේ Smart Phone එකට අඩංගු කර තිබෙන Four-way mmWave Antenna මෙන්ම මේ Smart Phone එක සමග ලබා දෙන Network Visualizer app එක මගින් Signal හොදින් ලබා ගැනිමට Smart Phone එක පිහිටුවිය හැකි හොදම පිහිටුම සොයා ගැනිමටත් හැකියාව පවතිනවා.

Source : Sony, Gizmochina