පසුගිය නොවැම්බර් 18 වෙනිද, මෙතෙක් මිනිසා විසින් ගොඩනගා ඇති විශාලතම සහ බලවත්ම රොකට්ටුව වූ StarShip රොකට්ටුව ඇමරිකාවේ දකුණු ටෙක්සාස් හි SpaceX හි Starbase මගින් Launch කරනු ලැබුවා.
මෙය Starship Project එකහි දෙවන පරීක්ෂණ පියාසැරියයි. මෙහි විශේෂත්වය වූයේ, Super Heavy යානයේ පළමු අදියර Raptor එන්ජින් 33 කින් බලගැන්වීමට SpaceX සමාගම කටයුතු කිරීමයි.
StarShip කියන්නෙ අඟහරු වෙත මිනිසුන් සාර්ථකව රැගෙන යාම සදහා SpaceX විසින් සැලසුම් කරන Project එකක්.
මෙම දෙවන පරීක්ෂණ පියාසැරිය SpaceX සඳහා ප්‍රධාන සන්ධිස්ථානයක් එක් කලා. එයට හේතුව අප්‍රේල් මාසයේදී එහි පළමු පරීක්ෂණයට වඩා වැඩි දුරක් පියාසර කිරීමත්, Super Heavy Booster එක Upper Stage එකෙහි සාර්ථකව වෙන් වීමත් නිසාය.
පියාසරයෙන් 8 වන මිනිත්තුවේදී Booster එක පුපුරා ගිය අතර Project එකහි බලාපෙරොත්තු වූ පරිදි First Stage එක සාර්ථකත්වයට පත්වුනා.Elon Musk මෙම සාර්ථකත්වය X හි මෙසේ පල කළා.
For the first time, there is a rocket that can make all life multiplanetary.
— Elon Musk (@elonmusk) November 19, 2023
A fork in the road of human destiny. pic.twitter.com/qBZL0tW9EY
Rocket Booster එකහි එන්ජින් 33, මැද එන්ජින් 13 ක් සහ එය වටා එන්ජින් 20 ක් ඇතුළත් වන පරිදි නිර්මාණය කර තිබුනා. ද්‍රව ඔක්සිජන් සමඟ මීතේන් දහනය කරන Booster එකට පවුම් මිලියන 16.7ක තෙරපීමක් ඇති කිරීමට හැකියාව තියෙනවා.
Project එක අතරතුර ගනු ලැබූ ඡායාරූපවල විශ්මිත ගුවන් දර්ශනයක් ඇතුළත් වන පරිදි, වලාකුළු සහ ගිනිදැල් සමඟ StarShip එක අහසෙහි ඉතා අපූරු රටාවක් නිර්මානය කරනු ලැබුවා.
Tracking camera views of hot-staging separation pic.twitter.com/wcCidOh5K0
— SpaceX (@SpaceX) November 18, 2023
එම සාර්ථක ප්‍රතිඵල සමඟින් SpaceX විසින් මීළඟ Starship පරීක්ෂණ පියාසැරිය සඳහා සූදානම් වීම දැනුම් දෙනු ඇත.