Spotify විසින් audiobook සේවාවක් ලබාදීමට සූදානම් ​වේ

· 1 min read
Spotify විසින් audiobook සේවාවක් ලබාදීමට සූදානම් ​වේ

Spotify සහ Audiobooks රසිකයින් සඳහා සුභ ආරංචියක් මේ දිනවල වාර්තා වනවා. ඒ Spotify හී Audiobook platform එකක් නිර්මාණය කිරීමට Spotify සමාගම විසින් සැලසුම් කර තිබිමයි.

Audiobooks සහ අනෙකුත් Audio formats සදහා පූර්ණ-සේවා කළමනාකරණයක් කළ නිෂ්පාදනයක් ලෙස මේ Audiobook platform එක හැදින්වෙනවා. ඔවුන්ගේ කතුවරුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමටත්, ඒවා බෙදා හැරිම මගින් මුදල් ඉපයීමටත් මේ තුලින් හැකියාව ලැබෙනවා.

Audio Streaming Industry එකෙහි ප්‍රමුඛයෙකු ලෙස Find away Audiobooks, Spotify සදහා විශාල අවස්ථාවක් වේ යැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් එල්ක් විසින් අපේක්ෂා කරනවා. තවද එය Spotify සදහා පරිපූර්ණ පියවරක් ලෙසද කටයුතු කරනු ඇති බවට ඔවුන් මත පළකරනවා.

We see the opportunity to continue to imagine and explore new verticals across our platform—within audio, but also beyond

Spotify සහ Apple යනු audio streaming service සදහා කරට කර තරඟවදින ආයතන දෙකකි. The Economist වෙබ් අඩවියෙහිී පළවුණු වාර්තාවකට අනුව Apple සමාගම විසින් තමන්ගේම Audiobook සේවාවක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනබව හෙළිවනවා.

In the past couple of years Apple has made smaller media bets including Arcade, a subscription gaming package, News+, a publishing bundle, and Fitness+, which offers video aerobics classes. There is talk of an audiobooks service later this year

Find away හී නීතිමය කටයුතු හේතුවෙන් එහි ගනුදෙනු කටයුතු තවමත් අවසන් වී නොමැති අතර ඒ හේතුවෙන් Audiobook සේවාව කවර දිනයක නිකුත් කරයිද යන්න ඔවුන් විසින් පවසා නොමැත.

Source: 9to5mac.com