Loading...
Spotify Mobile App එක Redesign කිරීමට Spotify සමාගම විසින් කටයුතු කරයි

පසුගියදා Spotify සමාගම විසින් Spotify Mobile App එක Redesign කිරීමක් පිළිබඳව සඳහන් කරනු ලැබුවා. මේ අනුව Spotify Mobile App එක සඳහා Quick Previews, Podcasts සහ Audiobooks වැනි Features වඩාත් පහසුවෙන් පරිහරණය කිරීමට හැකිවන පරිදි Re-design කරන ලද නව Home Screen එකක් ලබා දිමට කටයුතු කර තිබෙනවා. මෙම නව Home-Screen Layout එක TikTok, Instagram සහ YouTube යන Platform 3හි එකතුවක් ආකාරයෙන් “Discovery Feeds” වලට සමාන Layout එකක් භාවිත කරනු ලබයි.

Source: Spotify

එමෙන්ම තවත් නව විශේෂාංගයක් වන “Smart Shuffle” Feature එක මේ සමග හදුන්වා දී තිබෙනවා. මෙමගින් අප දැනට Play කරමින් පවතින Playlist එකෙහි සංගීතයට “Perfectly Connect” වන ආකාරයේ සංගීතය පමණක් සැපයීමේ හැකියාව ලැබෙනවා.

“Smart Shuffle brings new life into listeners’ playlists by recommending and visualizing additional songs that perfectly connect with the playlist” -Spotify හි උප-සභාපති Gustav Söderström-
Source: Spotify

එමෙන්ම Podcasts Listeners ල සඳහා “Autoplay for Podcasts” නමින් නව විශේෂාංගයක් ද හදුන්වා දී තිබෙන අතර මේ මගින් එක් Podcast Episode එකක් අවසන් වූ පසුව තවත් එවැනිම ආකාරයේ “Recommended” වෙනත් Episode එකක් සදහා ස්වයංක්‍රීයවම සවන්දීය හැකි වෙනවා. ඔවුන් මෙම Feature එක පිළිබඳව තව දුරටත් සඳහන් කරමින් පවසා සිටියේ මෙවැනි Features සඳහා Usersල අතර වැඩි ඉල්ලුමක් සහ වැඩි කැමැත්තක් පවතින අතර මේ මගින් නව Podcast Shows වඩාත් පහසුවෙන් සොයා ගැනීම හෙවත් Discovery Boost එකක් ඇති වන බවයි. කෙසේ වෙතත් මෙය Playback Settings මගින් කැමති අයෙකුට Disable කර ගැනීමට ද හැකියාව පවතිනවා.

Source: Spotify

එමෙන්ම තවත් සිත්ගන්නා සුළු විශේෂාංගයක් වශයෙන් මෑතකදී එක කරන ලද කරන ලද AI Powered DJ Feature එක සදහා Access කිරීමට ද මේ සමග හැකියාව ලැබෙනවා. මෙය දැනට Beta මට්ටමේ පවතින අතර U.S. සහ Canada යන Region සඳහා පමණක් නිකුත් කර ඇති අතර මෙය Experience කිරීමට Premium Subscription එකක් අත්‍යාවශ්‍ය වෙනවා.

මෙයට AI මගින් Arrange කරන ලද Music පමණක් නොව AI මගින් Generate වන Commentary එකක් DJ එක අතරතුර Real-time ලබා දීමට හැකියාව පවතිනවා. බොහෝ විට මෙම Commentary එක මගින් සින්දුව පිළිබඳව, Artist හෝ album එක ගැන සහ Background Information එකක් සපයනු ලබනවා.

Source: Spotify

දැනට නව Re-design එක සමග මෙම Features සියල්ල Mobile Platforms සඳහා පමණක් සිමා වුවත් අනාගතයේදී තවත් Devices වලට සහාය දක්වනු ඇති බවද වාර්තා වෙනවා.

Sources: The Verge Spotify