Loading...
චීන ජංගම දුරකථන යෙදවුම් හරහා ජාතික ආරක්ෂාවට වන බලපෑම නියාමයට TRCSL ක්‍රියාමාර්ග ගනී

ඇමරිකාව සහ ඉන්දියාව මේ වන විට තම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව සලකා බලා TikTok ඇතුලුව තවත් චීනය තුල නිපදවනු ලැබූ ජංගම දුරකථන යෙදවුම් විශාල ප්‍රමාණයක් භාවිතා කිරීම සීමා කරමින් තම රටවැසියන්ට තහනම් පනවා ඇත.

ශ්‍රී ලංකා රජයද මේ වන විට චීනයේ නිපදවූ ජංගම දුරකථන යෙදවුම් පිලිබඳව අවධානය යොමු කරමින් ඒ හරහා ජාතික ආරක්ෂාවට විය හැකි තර්ජනයන් පිළිබඳ ඇගයීම් සිදු කිරීම ආරම්භ කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් චීනයේ නිපදවූ ජංගම දුරකථන යෙදවුම් නියාමනය කිරීම ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ධූරය හොබවන ඕශද සේනානායක මහතා විසින් The Colombo Gazette වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් විසින් මේවන විට පවතින ගෝලීය තත්වය පිළිබඳ සලකා මෙමම් නියාමය සිදු කරන බවයි.

එමෙන්ම මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ මේ හරහා ශ්‍රී ලංකාව විසින් සියළුම ජංගම දුරකථන යෙදවුම් නියාමනය සිදු නොකරන බවත්, මේ වන විට ගෝලීය වශයෙන් පවතින තත්වය පිළිබඳව පමණක් සලකා බලා ඒ තත්වයට අදාලව පවතින ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත්‍ ය. නමුත් මේ වන තුරුත් ශ්‍රී ලංකාව තුල මෙම යෙදවුම් සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් ලැබී නැති බවත් ඔහු වැඩි දුරටත් පවසා ඇත.

The global situation on concerns raised with regards to Chinese mobile applications is in its early stages. Sri Lanka has not received any complaints on Chinese mobile applications, especially TikTok - Oshada Senanayake, The Director General of TRCSL

යම් හෙයකින් එවැනි යෙදවුමකින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තර්ජනයට හෝ අවදානමකට ලක් වේ නම්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඒ සඳහා මේ වන විට ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටි අනුගමනය කරන බව හෙතම වැඩිදුරටත් අදහස් දක්වා ඇත. එමෙන්ම ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අනෙකුත් රටවල් මෙම ජංගම දුරකථන යෙදවුම් වලට එරෙහිව මේ වන විටත් ඇතැම් ක්‍රියාමාර්ග ගෙන තිබුනත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බලපාන තරමේ තර්ජනයක් පවතී නම් පමණක් එවැනි ජංගම දුරකථන යෙදවුම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඕෂද මහතා විසින් ප්‍රකාශ කර ඇත.

Source: The Colombo Gazette