Loading...
ශ්‍රී ලංකාවේ පළමු Real Time මාර්ග තොරතුරු වේදිකාව; Sri Lanka Road Status

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාවට බලපෑ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් හානි වූ මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අතරතුර, මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා Sri Lanka Road Status නමින් නව ඩිජිටල් වේදිකාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා.

මෙමගින් ජාතික මාර්ග ජාලය පිළිබඳ Real-Time යාවත්කාලීන තොරතුරු මහජනතාවට ලබා දෙන අතර, විශේෂයෙන්ම ගංවතුර, නාය යෑම් සහ යටිතල පහසුකම් වලට සිදුව ඇති හානි හේතුවෙන් අලුත්වැඩියා කරමින් පවතින මාර්ග පිළිබඳව කල් ඇතිව දැනුවත් වීමට සංචාරකයින්ට අවස්ථාව ලැබෙනවා.

මෙම නව Digital Portal එක දියත් කර ඇත්තේ, රට පුරා මාර්ග රැසක් අයහපත් කාලගුණික සිදුවීම් හේතුවෙන් හානි වී හෝ අලුත්වැඩියා වෙමින් පවතින තීරණාත්මක මොහොතක මහජනතාවගේ පහසුව උදෙසායි.

Sri Lanka Road Status වෙතින් ලැබෙන ප්‍රධාන තොරතුරු:

  1. මාර්ග තත්ත්වය: රට පුරා මාර්ගවල වත්මන් තත්ත්වය පිළිබඳ Real-Time යාවත්කාලීන කිරීම්.
  2. සංවර්ධන මාර්ග: දැනට සංවර්ධනය වෙමින් පවතින මාර්ග පිළිබඳ තොරතුරු.
  3. ගමන් කළ හැකි මාර්ග: ගමනට විවෘතව ඇති මාර්ග (Routes Open for Travel).
  4. සම්පූර්ණයෙන්ම අවහිර වූ මාර්ග: ගමනාගමනයට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති මාර්ග (Completely Blocked Roads).

මෙම Digital Portal එක මඟින් සංචාරකයින්ට සහ ප්‍රවාහන ක්‍රියාකරුවන්ට අවදානම් සහිත හෝ ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශ මඟහැර, විශ්වාසයෙන් යුතුව තම ගමන් සැලසුම් කිරීමට හැකියාව ලැබෙනවා.

මහජනතාවටත් මේ සඳහා තොරතුරු සැපැයිය හැකිද?

රටේ මාර්ග ජාලය කඩිනමින් අලුත්වැඩියා කෙරෙමින් පවතින අවස්ථාවක, මෙම Sri Lanka Road Status Digital Portal එක ඔස්සේ මහජනතාවටත් තම ප්‍රදේශවල මාර්ගවල තත්වය පිළිබඳව මේ ඔස්සේ රජය දැනුම්වත් කිරීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගමන් ආරම්භ කිරීමට පෙර නවතම මාර්ග තොරතුරු දැන ගැනීම සඳහා Sri Lanka Road Status වෙබ් අඩවියට පිවිසෙන ලෙසත් තම ප්‍රදේශවල මාර්ගවල තත්වය පිළිබඳව මේ ඔස්සේ දැනුම් දෙන ලෙසයි.

Source: Minister Bimal Rathnayake FB Account